කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2024 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) උදෑසන 9.30ට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුව අද (14) උදෑසන 9.30ට රැස්වීමට නියමිත අතර, 2024 අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වන්නේ , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 21 දක්වා දින 7ක කාලයක් පැවැත්වෙන අතර , ඉන් පසුව අයවැය දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම ලබන 21 වැනි දා පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය පිළිබඳ තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 23 වන බදාදා ආරම්භ වන අතර, තුන්වන වර කියවීමේ විවාදය දෙසැම්බර් 13 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි දා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි.

අයවැය විවාදය පවත්වන වකවානුව තුළ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීමට හැකිවන පරිදි බාහිර වැඩ යොදා නොගන්නා ගන්නා ලෙස ද සියලු මැති ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...