වාහන ආනයනය තවදුරටත් හිරවෙන ලකුණු – අයවැයෙනුත් සහනයක් නැහැ

Date:

කොළඹ LNW: මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ඉවත් කරනු ඇති බවට බලාපොරොත්තු වුවද ඊට අදාළ කිසිදු සහනයක් හිමි නොවුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

රටේ ඩොලර් සංචිත ඉහළ යාමත් සමඟ වාහන ආයනයට අදාළ පහසුකම් සලසා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයාගෙන්ද ඔවුන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා තිබුණි.

වාහන ආනයනය අත්හිටුවා මේ වන විට වසර හතරක පමණ කාලයක් ගතව ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් රට තුළ සංසරණය වන වාහන මිලද ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් ඉදිරි කාලයේදී හෝ වාහන ආනයනයට අදාළ පහසුකම් සලසා දෙන ලෙසයි උක්ත සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගිය දිනක මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබුණේ වාහන ආනයන තහනම් ලිහිල් කිරීම සඳහා තීරණ ගැනීමට කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුවේ තීරණ මත ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...