වාහන ආනයනය තවදුරටත් හිරවෙන ලකුණු – අයවැයෙනුත් සහනයක් නැහැ

කොළඹ LNW: මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ඉවත් කරනු ඇති බවට බලාපොරොත්තු වුවද ඊට අදාළ කිසිදු සහනයක් හිමි නොවුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

රටේ ඩොලර් සංචිත ඉහළ යාමත් සමඟ වාහන ආයනයට අදාළ පහසුකම් සලසා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයාගෙන්ද ඔවුන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා තිබුණි.

වාහන ආනයනය අත්හිටුවා මේ වන විට වසර හතරක පමණ කාලයක් ගතව ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් රට තුළ සංසරණය වන වාහන මිලද ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් ඉදිරි කාලයේදී හෝ වාහන ආනයනයට අදාළ පහසුකම් සලසා දෙන ලෙසයි උක්ත සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගිය දිනක මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබුණේ වාහන ආනයන තහනම් ලිහිල් කිරීම සඳහා තීරණ ගැනීමට කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුවේ තීරණ මත ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...