*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (14) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මිලියන 36,825,000ක මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බවයි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 100න් රුපියල් මිලියන 15ක මුදලක් තැන්පත් කර ඇති බවයි .

මීට අමතරව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට අධිකරණය මඟින් ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 1,725,588ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 50න් රුපියල් මිලියන 5ක්, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 4.1ක මුදලක්, පොලිස් නිලධාරී සිසිර මෙන්ඩිස් මහතාට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 10ම ගෙවා ඇති අතර රජයට ගෙවීමට නියම කළ රුපියල් මිලියනය මේ වනවිට තැන්පත් කර ඇති බවද සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan