පාර්ලිමේන්තු වරම් ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෝ!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු වරම් ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛනය මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන ලදි.

මහනුවර පොල්ගොල්ල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී ඒ මහතා මෙම ප්‍රකාශ කිරීම සිදු කළේය.

ඒ අනුව ජාතික ජන බලවේගයේ කේ.ඩී.ලාල් කාන්ත, ජගත් මණුවර්ණ කොඩිතුවක්කු, මංජුල ප්‍රසන්න කුමාර ගුණසේන, මුදිත හංසක විජේමුනි, තනුර හර්ෂණ දිසානායක, කුඹුරේගෙදර බස්නායක, රියාස් මොහොමඩ්, දෝණ තුෂාරී ජයසිංහ, මොහොමඩ් පස්මීන් යන අපේක්ෂකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් මෙවර මහ මැතිවරණයෙන් පත්වී තිබේ.

කේ.ඩී.ලාල්කාන්ත මහතා මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමිකර ගත් අතර ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ දහසය දහස් නමසිය පහන් එකකි. (316 951), ජගත් මනුවර්ණ කොඩිතුවක්කු මහතා ලබා ගත් මනාප ප්‍රමාණය එක්ලක්ෂ විසිඅටදහස් හයසිය හැත්තෑ අටකි. (128 678)

ප්‍රසන්න කුමාර ගුණසේන මහතා මනාප 94 242ක් ලබා ගත් අතර මුදිත හංසක විජේමුනි මහතා ලබා ගත් මනාප ප්‍රමාණය 82 926කි. මනාප 78 526ක් ලබා ගත් තනුර හර්ෂණ දිසානායක මහතා සහ කුඹුරේ ගෙදර බස්නායක මහතා ද ඡන්ද 72 929ක් හිමිකර ගෙන තිබේ.

රියාස් මොහොමඩ්, දෝණ තුෂාරී ජයසිංහ සහ මොහොමඩ් පස්මීන් යන අපේක්ෂකයන් හිමිකර ගත් මනාප ප්‍රමාණය පිළිවෙලින් 64 043, 58 223 සහ 57 716ක් වේ.

සමඟි ජන බලවේගයේ රවුෆ් හකීම්, චමින්ද්‍රාණී කිරිඇල්ල යන අපේක්ෂකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් පත්ව ඇත. ඔවුන් ලබා ගත් මනාප ප්‍රමාණය 30 883ක් සහ 30 780කි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී ඇත්තේ මනාප 20 749ක් ලබා ගත් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතාය.

සෙසු අපේක්ෂකයන් ලබා ගත් මනාප ප්‍රතිඵල මහනුවර නියෝජ්‍ය මැතිවරණ කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...