හදිසි අනතුරකින් මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකාවක් ජිවිතක්ෂයට! 

මුදල් අමාත්‍යාංශයේ මහජන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ එම්. චම්පා බාලසූරිය හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත.

ඇය ප්‍රේමසිරි බාලසූරිය ගේ ආදරණීය බිරිඳ වන අතර රාජිනි බාලසූරිය (25) සහ නිලසි බාලසූරිය (21) ගේ මව වේ.

1968 නොවැම්බර් 17 වැනි දින උපත ලද චම්පා බාලසූරිය, පානදුර බාලිකා මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි. 

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඇය, කළමනාකරණ අධ්‍යයනය සහ වාණිජ්‍යය පිළිබඳ උපාධිධාරියෙකි. 

 ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද ලබා ඇති අතර වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරියක් ද විය. 

ඇය ගණකාධිකාරීවරියක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට ද ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

චම්පා බාලසූරිය ගේ දේහය මේ වන විට වාද්දුව, මාවල දකුණ, අංක 277 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු නොවැම්බර් 18 වැනිදා සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.  

theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...