සටහන – නිපුනි ලියනගේ
කොළඹ (LNW): William Angliss Institute @ SLIIT ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර සහ හෝටල් ක්ෂේත්රයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරන අතර, ආයතනය විසින් පිරිනමනු ලබන පාඨමාලා සහ වැඩසටහන් මාලාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය නියෝජිතයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සඳහා දැනුවත් කිරීමේ උත්සවයක් පසුගියදා පවත්වන ලදී.
මෙම උත්සවය 2023 නොවැම්බර් 7 වන දින SLIIT මාලබේ පරිශ්‍රයේ පිහිටා ඇති William Angliss Institute @ SLIIT හිදී සිදු විය. William Angliss Institute @ SLIIT යනු ශ්‍රී ලංකාවේ විශාලතම හෝටල් පාසල වන අතර එය ඕස්ට්‍රේලියාවේ William Angliss Institute (WAI) හි හවුල් ව්‍යාපාරයකි.
William Angliss Institute @ SLIIT ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් ක්‍රියාකරු වන Resplendent Ceylon සමඟ හවුල් වී SLIIT හි William Angliss ආයතනය විසින් The Resplendent Academy එළිදක්වා ඇත.
නොවැම්බර් 14 දින සිට ක්‍රියාත්මක වන Relais & Chateaux නිවාඩු නිකේතනයක් වන Cape Weligama හි පිහිටා ඇති අතර සිසුන්ට මෙම ක්‍රියාවලිය තුළ අභියෝගාත්මක සහ උද්යෝගිමත් සේවා පරිසරයක් අත්විඳීමේ අවස්ථාව එමගින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
“William Angliss Institute @ SLIIT හි අරමුණ වන්නේ සිසුන්ට දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති කුසලතා, දැනුම සහ ආකල්පවලින් ඔවුන්ව සන්නද්ධ කරමින් මෙම ක්ෂේත්රයේ හොඳම අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීමයි.” William Angliss Institute @ SLIIT කළමනාකාර අධ්යක්ෂ අනුක් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.