සිංගප්පූරුවේ අනේවාසික මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි 

Date:

සිංගප්පූරුවේ අනේවාසික මහ කොමසාරිස් චන්ද්‍ර දාස් මැතිතුමා 2022 නොවැම්බර් 13 සිට 18 තෙක් ශ්‍රී ලංකාවේ නිරත වන සිය නිල සංචාරය අතරතුර, 2022 නොවැම්බර් 15 වැනි අඟහරුවාදා දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සහ මහ කොමසාරිස් දාස් මැතිතුමා මෙහිදී දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ඉහළ නැංවීම හා සබැඳි පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වූ හ. සිංගප්පූරු ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද මහ කොමසාරිස්වරයා සමඟ මෙරටට පැමිණ සිටිය හ. සිංගප්පූරුවේ ශක්‍යතා සහිත ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා මෙරට පවතින ක්ෂේත්‍ර සහ අවස්ථා පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී මහ කොමසාරිස්වරයා දැනුම්වත් කළේ ය.

මහ කොමසාරිස් දාස් මැතිතුමා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ද හමු වූ අතර, එහිදී දෙරටේ මූල්‍ය, ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍ර හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

මහ කොමසාරිස් දාස් මැතිතුමා සිය සංචාරය අතරතුර අතිගරු ජනාධිපතිවරයා, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සෞඛ්‍ය අමාත්‍යවරු මෙන්ම, ආයෝජන මණ්ඩලයේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා හමුවීමට ද නියමිත ය. 

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 නොවැම්බර් 16 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...