Monday, December 4, 2023
spot_img

Latest Posts

සිසුවියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (15) දින වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවි කළ කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන්, පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විම සඳහා කමිටුවක් පත් කර ඇති බවත්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදිප් යසරත්න මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

ආණ්ඩුකාරවරයා සඳහන් කළේ , අදාළ වාර්තාව සතියක් ඇතුළත ලැබුණු පසු වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි .

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් , සිද්ධියෙන් තුවාල ලැබු දරුවන් 05 දෙනෙකු මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන බවයි.

වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට ජලය ලබා ගැනීම සඳහා ජල කරාම සවි කළ බැම්ම ඉදි කර තිබුණේ කොන්ක්‍රීට්වලින් සකස් කළ සින්ක් එකක් සහිතව වන අතර, පාසලේ පළමු ශ්‍රේණි ගොඩනැගිල්ල ඉදිරිපිට එය ඉදි කර තිබුණු අතර, පාසල් විවේක කාලයේ ඒ අසලට පැමිණි දරු දැරියන් පිරිසක් මතට එය කඩා වැටීමෙන් මෙම අනතුර ඊයේ (15) උදෑසන කාලයේ සිදුව තිබිණ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.