” මිත්‍ර ශක්ති ” යුධ අභ්‍යාසය අද සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවේ පූනේහි පිහිටි ඉන්දීය හමුදාවේ 330 පාබල බලසේනාවේ දී ආරම්භ වන ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසයට සහභාගී වීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාව බලා ඊයේ (15) පිටත්ව ගොස් ඇත.

ඒ අනුව එම මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය අද (16) සිට ආරම්භ වන බවද වාර්තා වේ.

නිලධාරීන් 29 දෙනෙකු සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් යුත් බල ඇණියක් මෙලෙස ඉන්දියාව වෙත පිටත්ව ගොස් ඇති අතර, ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සංවිධානය කර ඇති බව සඳහන් වේ.

මෙම යුධ අභ්‍යාසය ලබන 29 වනදා දක්වා පැවැත්වෙන අතර, අන්තර් ක්‍රියාකාරීත්වය, යුධ සහයෝගිතාව, ඒකාබද්ධ උපායික මෙහෙයුම් පැවැත්වීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, ජාත්‍යන්තර යුද ගැටලු පිළිබඳ අවබෝධය යනාදිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සංවිධානය කර ඇති බව වැඩි දුරටත් වර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...