දයාසිරිගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

Date:

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රීලනිපය ගෙන ඇති තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර ඇති ඉල්ලීම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය.

ඒ, දයාසිරි ජයසේකර මහතා ගොනුකර තිබුණු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රීලනිපය ගෙන ඇති තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස දයාසිරි ජයසේකර මහතා මුලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණු නමුත් එම අධිකරණය එසේ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ අනුව, කොළඹ දිසා අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඒ මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණු අතර අද ප්‍රකාශයට පත්කෙරුණේ එහි තීන්දුවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...