2027 අයවැයෙන් මේ ප්‍රමාණයෙන් වැටුප් වැඩිවීම් සහ දීමනා ලබාදී ඇත්තේ 2022දී බංකොලොත් වූ රටක යැයි සියලු දෙනාම මතක තබාගත යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
“මතක තියාගන්න 2022දී ණය ගෙවාගන්න බැරුව බංකොලොත් වෙච්ච රටක තමයි මේ දීමනා සහ වැටුප් වැඩිවීම් ඔක්කොම ලබාදීලා තියෙන්නෙ. භාණ්ඩාගාරය හින්දවාගෙන, භාණ්ඩාගාරය දෙදරවාගෙන වැටුම් වැඩිකරන්න හරි සහන දෙන්න හරි බෑ. ඒක කවුරුත් පිළිගන්න ක්‍රමයක් නෙවෙයිනෙ. ඒ නිසා කවුරු හරි කියනවා නම් අනිත් අයට දීපු එක වැරදියි කියලා, අපි ඒක වෙනම සලකා බලන්න සූදානම්. අපිට නැතිනම් අනිත් අයටත් නැතිවුණාට කමක් නෑ කියන තැන නම් ඉන්නෙ, අපි ඒක වෙනම සාකච්ඡා කරමු. හැමෝටම දෙන්න පුළුවන් හැටියට තමයි මූලික වැටුප් වැඩිවීම් ලබාදුන්නෙ. මේ මොහොතේදී යම් කොටසකට ලබාදීලා තියෙනවා දීමනාවක්. ඉතුරු අයටත් කලබලයක් නැතිව ඉන්න, ඊළඟ අයවැයවලදී අනිවාර්යයෙන්ම සලකා බලන්නම් ඒ ගැන”
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.


