මධ්‍යම පළාතේ පාසල් වල පවා සමූපකාර ව්‍යාපාරය ප්‍රචලිත වී ඇතැයි ආණ්ඩුකාරවරයා කියයි.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW)
:

සමූපකාර ව්‍යාපාරය මධ්‍යම පළාතේ පාසල් දරු දැරියන් අතර පවා ප්‍රචලිත වී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

පාසල් 80ක සමූපකාර ව්‍යාපාර ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදි සෙසු පාසල් සඳහා ද එම වැඩසටහන් හදුන්වාදීමට හැකිවනු ඇතැයි ඒ මහතා තව දුරටත් පැවසුවේය.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාතේ සමූපකාර වෘත්තිකයන් සඳහා ජීවිත රක්ෂණ යෝජනාවලියක් හදුන්වාදීම නිමිත්තෙන් මහනුවරදී ඊයේ (17) පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

සණස සමූහ ව්‍යාපාරය මගින් ඉසුභාර නමින් මෙම රක්ෂණ ක්‍රමය හදුන්වා දී ඇති අතර ඒ යටතේ ජීවිතාවරණය, පූර්ණ අකර්මණ්‍යතාව, රෝහල් ගාස්තු ප්‍රතිලාභ, ඇස් කණ්ණාඩි ආවරණය ඇතුලු ප්‍රතිලාභ රැසක් හිමිය. මසකට රුපියල් 500ක මුදලක් සමූපකාර සේවකයන්ගෙන් අයකොට රුපියල් ලක්ෂ 06ක් දක්වා ප්‍රතිලාභ ගෙවීම මේ යටතේ සිදුවේ.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, මධ්‍යම පළාතේ සමූපකාර ව්‍යාපාරය සෙසු ව්‍යාපාර හා තරඟකාරී තත්ත්වයට පත්වී ඇති බවත් සමූපකාර ප්‍රාදේශික වෙනුවට නව්‍යතාවයෙන් යුතුව කෝප් සිටි ආරම්භ කිරීමට හැකි වූ බවත් කීවේය. කොරෝනා වසංගත තත්ත්වය මෙන්ම ආර්ථීක අර්බුදය හමුවේ භාණ්ඩ බෙදා හැරීම, සහන මිලට භාණ්ඩ අලෙවිය වැනි අවස්ථාවලදී සමූපකාර ව්‍යාපාරය පෙරමුණ ගත් බව කීවේය.

ඉන්ධන හිඟයක් පැවැති අවස්ථාවලදී අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමෙහිලා සමූපාකර ව්‍යාපාරයට මහත් කාර්යයක් පැවැරුණු බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

මධ්‍යම පළාත් සමූපාකාර සමිති 42 නවීකරණය කිරීම සිදුකරන බවත් සමගින් තරඟකාරී ලොවට සරිලන පරිදි ව්‍යාපාර ජය ගැනීමට ඔවුන්ට හැකිවන බව ද ඒ මහතා කීවේය.

දුෂ්කර අවස්ථාවලදී මහජනයාට සේවය ලබාදීමට නිරන්තරයෙන් ඉදිරිපත් වූ සමූපකාර ව්‍යාපාරය රැක ගැනීම අත්‍යවශ්‍ය වී ඇතැයි ද ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති, සණස ව්‍යාපාරයේ නිර්මාතෘ පී.ඒ.කිරිවන්දෙණිය, මධ්‍යම පළාත් සමූපකාර හා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් අමිල නවරත්න, විශ්‍රාම වැටුප් අරමුදලේ සභාපති ඩබ්.එම්.නවරත්න බණ්ඩා යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වීය.

නව රක්ෂණාවරණය ජන ගත කරමින් ගිවිසුම් පත්‍ර අත්සන් කිරීම සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම මත එම අවස්ථාවේදී සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...