ජනපති e කොළම.

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW:

?අධිපතිවාදී රනිල් නන්දා මාලීනීට කල දේ…??

?රනිල්ගෙන් සජබ ට දුස්රාවක්….?

?නාමල් කෑ ලනුව….?

?සාගල පොඩිනම ගෙන් පොහොට්ටුවන්ට බණක්.

?ඇමති හා ක්‍රිකට් අය අතර වලිය ඇරඔුණු හැටි…..?

?ක්‍රීඩා ඇමතිගේ තටු ගැලවෙන විදිය …..?

?වර්ජනය කල ද රනිල්ගේ භෝජනයට විපක්ෂයේ අය හොරෙන් ගියාද….?

?දෙවරක් 10,000 ක් දීපු එකම නායකයා කවුද – ආශු අසයි.

?යාබද රටක තානාපතිගේ සමාගමේ කෝටි 3000 පොල්ල තුන් ගුණයකින් වැඩිවීම….?

?වොෂින්ටන් දීපවාලී ජයටම…!

ක්‍රිකට් වලින් රට ගිණිගෙන තිබියදී ජනපති රනිල් 78 වන අයවැය ගෙනාවේ “අපිව මරාගෙන කාලා ඇති” යයි හැමෝම කියද්දීය. දියුණු රටවල මෙන් ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති මුල්වරට ඉදිරිපත් කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි.

එදින උදේ කැබිනට්ටුවටද අයවැය හා අස්වැසුම ගැන බණක් ලොකු හාමුදුරුවන් වෙනුවෙන් දේශනා කළේ සාගල පොඩිනමය. පොහොට්ටුවේ ඇතැම් උපාසක උපාසිකාවන්ට එය දිරෙව්වේ නැති බව ද කියති.

මෙහෙන් වතුරවත් බොන්නෙ නෑ කිව්ව නේද. ඔින නම් මගේ වතුර බෝතලේ දෙන්නම්” කාංචන කීවේ කින්ඩියට යයි සිතා රොෂාන් නෑසූ කණින් යන්නට ගියේය.

ක්‍රිකට් ෂම්මි ගෙන්නල කතා කරල මට විස්තර කියන්න” රනිල් සබ්‍රි ට පැවරීය.

ඔයාල කවද ඉදලද චන්ඩි වුණේ. අන්න ඔයාල ක්‍රීඩා ඇමති මරන්න හදනවා කියල එයා පැමිණිලි දාලා” රනිල් කොක්හඩලමින් කීවේ සාගල හා සුදත් චන්ද්‍රසේකරට ය.

 රනිල් ජනපති හැව ගලවා මුදල් ඇමතිට ඇඳගෙන අයවැය පෙට්ටිය රැගෙන පාර්ලිමේන්තු ගියේය .

“ඔයාගෙ ඉකනොමිස්ක් ටුවරිසම් දැම්මා” රනිල් කීවේ ඩයනාට ය.

“අර සර්වලෝක විජයපත්‍ර ගැන  නැද්ද” අයෙකු ඇසුවේ සිනාමැදය.

 වෙනදා වතුර බිබී කෝපි බිබී පැයගණන් දෙසාබාන අයවැය  රනිල් ඉවර කළේ පැය දෙකටත් අඩුවෙනි.

  “මේ අයවැය මත පදනම්ව හෝ එකතු වෙලා රට හදමු” ඔහු ඇත්තට හෝ බොරුවට විපක්ෂයට යළිත් දෑත් දිගු කළේය.

 ජනපතිගේ දිවා හෝජනය සජබ ජවිපෙ වර්ජනය කල ද හර්ෂ ඉරාන් මරික්කාර් මෙන්ම සුමන්තිරන් ද ගියහ.

  පසුදා සභාවට නොගියද විපක්ෂයේ ලොබියට ගිය රනිල් බුද්ධි අංශ ඔපරේෂන් එකක් දුන්නේය.

  ඔහු දුටු මද්දුමබණ්ඩාර මන්නප්පෙරුම අශෝක් අබේ කාවින්ද අලවතුවල ආදී පිරිස  වටකර ගත්හ.

  “මොන ප්‍රශ්න තිබුණත් කූල් එකේ ඉන්න හැටි පුදුමයි”අයෙක් කීවිට කපටි නරියා සිනාසුනා පමණය.

 “ඔයාල බලල යන්න ආවෙ. අපි එකම කට්ටියනේ” රනිල් දුස්රාවක් දැමූවිට මැද පොලු ගැලවී ගිය පිරිස මුහුණට මුහුණ බලා ගත්හ.

ඉඩම් , ගෙවල් අයිතිය දීල යුද්දෙන් පීඩාවූ අයටත් සලකනවා”  ඔහු කීවිට විග්නේෂ්වරන් ගේ මැද ඉන්නද කුඩු පටිටම් විය.

දොස්තරවරු හා සරසවි ඇදුරන්ගේ ප්‍රශ්න ගැන මෙන්ම  සෞඛ්‍ය කෘෂි අධ්‍යාපන හා සෙසු ක්ෂ්‍රේත්‍ර ගැන දැක්වූ අවධානය ගැන ද සුබවාදී මත පළවූහ.

රු 10,000 ක් දෙපාරක් වැඩි කරපු එකම නායකය කවුද. ඒ කාලෙ ඉඩම් ෂැංග්‍රිලා අයට. අද රටේ මිනිසුන්ට” මහාචාර්ය ආශු කීවේය.

 “ක්‍රිකට් කට්ටිය ඇමතිගෙ රෙදි ගලවනවා. මිලි 290 ක් ක්‍රිකට් සල්ලි එයාට දුන්නත් විඝනන වාර්තා නෑලු. ICC එකෙන් එන සල්ලි වලින් 20% ක් එනමි කෝටි 420 ක් ඉල්ලල නොදුන් නිසා වලිය පටන් ගත්තලු. කවුද හරි කියල දෙයියො තමයි දන්නේ” එහිදී කියවින.

“ක්‍රිකට් වලට රු බිලි 1.5 ක් දැම්මට පාසල් ක්‍රිකට් සල්ලි වෙනම අරන්. ක්‍රිකට් වගකීම් සබ්‍රිට දීලා. ක්‍රීඩා පනතෙන් තව ගේම් දීලා. කැබිනට් අනුමැතිය නැතිව අතුරු කමිටු බෑ. මහවැලි කලාප තුනක් පවරගෙන හා කැබිනට් අනුමැතිය නැතිව මහවැලි ඉඩම් බෙදන්නත් බෑ. දැන් ක්‍රීඩා ඇමතිගෙ ඇඟ විතරයි තටු නෑ” මන්ත්‍රීවරු කියද්දී කපටි නරියා ලිස්සා යන්නට ගියේය.

“ක්‍රීඩා ඇමතිගෙ බලය අඩුකරන්න එයාත් අත ඉස්සුවනේ” ජනපතිට සමීප අයෙක් කීය.

 ආණ්ඩු ලොබියට ජනපති ගියවිට මහින්ද ද පැමිණ වාඩිවිය.

  ඔබතුමා සහාය දෙනවා. නාමල් බනිනවා. ඒ වැඩේ මොකද්ද” වජිර මහින්ද ගේ මුහුණටම කීය.

  ” ආ එයා කාගෙ හරි ලනු කාලා” මහින්ද කීවේ ඇගට නොදැනීය.

 “සජිත් නිවාස ඇමතිකමේ ඉදලත් තාත්ත හදපු ගෙවල් ටික මිනිසුන්ට පවරන්න බැරිවුණා” එහිදී කියවින.

 “මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවෙන් ගත්ත කෝටි 3000  ගෙවල නෑ කියල ඇමති විජේදාස කිවිවා. ඒ මුදල දැන් තුන් ගුණයකින් වැඩි වෙලාලු. ඒකට වගකිවයුතු අල්ලපු රටක තානාපතිට සේවා දිගු දෙනවද” පොහොට්ටුවෙකු දෙසාබෑවේය..

   ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවුයේ එදින සවසය.

     ” ආර්ථිකය හදලා රටේ ගිණි නිව්වා වගේ ක්‍රිකටි ගිණිත් නිවනවා” රනිල් කීවද ඒ ෂම්මි හරහා දැයි කීවේ නැත.

 එදින රාත්‍රී ජනපති නෙළුම් පොකුණට ගියේ ජනපති සිනමා සම්මාන සදහාය. වේදිකාවෙන් බැසගොස් නන්දා මාලීනීට සම්මානය දීමට උජාරු හා අධිපතිවාදී රනිල් ක්‍රියා කිරීම කාටත් අදහාගත නොහැකි විය.

තමාට සම්මානයක් ලැබුණොත් අසනීප නිසා වෙිදිකාවට නැගීම අපහසු නිසා දුවට ඒ සදහා ඉඩ ලබාදෙන ලෙස ඇය සමන් අතාවුද ගෙන් ඉල්ලා තිබිණ. ඒ බටලන්දේ යයි එදා ගැයූ ගී නිසා දැයි විහිළු කල අය ද සිටියහ. එහෙත් සමන් ජනපතිගෙන් කල ඉල්ලීමට කැමතිවූ ඔහු ඇය ලඟටම ගොස් සම්මානය පිදුවේය.

  “1963 ඇය මුල්ම සම්මානය ගත් උළෙලේ මම හිටියා. වසර 60 කට පසු මට සම්මානයක් දෙන්න ලැබීම සතුටුයි” රනිල් කීය.

 රෝහණ විජේවීරගේ චරිතයට කමල් ට හොදම නළුවා සම්මානය ලැබිණ.

  “ඔයා විජේවීර වගේ ඇවිත් අපේ වේදිකා වල කතා කරන්න” රනිල් කීවිට පිරිස කොක්හඩලෑහ.

සියලු ජාති ආගම් වල ලාංකිකයන් වෙසෙන ඇමෙරිකාවේ සියලු පිරිස් වල ආගමික හා සංස්කෘතික උත්සව වලට මුල්තැන දීමේ තානාපති මහින්ද සමරසිංහ ගේ ප්‍රතිපත්තිය ය. කඨින පිංකම් නිමකල ඔහු තම පරිශ්‍රයේදීම දීපවාලී ද සැමරුවේ මහ ඉහළිනි.

ඒ අතර රනිල් ට මාලදිවයින් වන්දනාව සෙට් වූයේ එරට නව ජනපතිගේ දිවුරුමට ලැබුණු විශේෂ ආරාධනයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...