දකුනු කොරියාවේ සුනඛයින්ට නිදහස ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුනඛ මාංශ අනුභව කිරීම දකුණු කොරියාවේ පුරාණ චාරිත්‍රයක් ලෙස පැවති අතර, එම චාරිත්‍රය තහනම් කිරීමට අපේක්ෂා කරන බව එරට පාලන පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

දකුණු කොරියාවේ මහජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානී Yu Eui-dong විසින් ප්‍රකාශ කර ඇත්තේ, ඒ අනුව සුනඛ මාංශ අනුභවය සම්බන්ධයෙන් ඇතිව ඇති සමාජ ගැටුම් සහ මතභේදයන් අවසන් කිරීම සඳහා විශේෂ පනතක් සම්මත කිරීමට කාලය පැමිණි ඇති බවයි. ඔහු ඒ බව පවසා ඇත්තේ, රජයේ නිලධාරීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

Yu Eui-dong

මෙහිදී මෙම තහනම බලාත්මක කිරීම සඳහා රජය සහ පාලක පක්ෂය මේ වසරේ පනතක් ඉදිරිපත් කරන බවද පැවසූ අතර, එහිදී ද්විපාර්ශ්වික සහාය ඇතිව, පනත පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත යුතු බව ද ඔහු පැවසූ බවයි වාර්තා වන්නේ.

රජය ඉක්මනින් තහනමක් ක්‍රියාත්මක කරන බවත් එහිදී සුනඛ මාංශ කර්මාන්තයේ යෙදී සිටින පිරිසට ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත්, එම සාක්ච්ඡාව අතරතුරදී කෘෂිකර්ම අමාත්‍ය Chung Hwang-keun පවසා ඇත.

Chung Hwang-keun

දකුණු කොරියානු ජනාධිපති ආර්යාව Kim Keon Hee සුනඛ මාංශ පරිභෝජනය දැඩි ලෙස විවේචනය කරන්නියක් වන අතර, ඇයගේ සැමියා වන ජනාධිපති Yoon Suk Yeol සමඟ එක්ව අයාලේ යන සුනඛයන් රැක බලා ගැනීමටද කටයුතු කිරීම විශේෂත්වයකි.

මීට පෙරද දකුණු කොරියාව විසින් සුනඛ මාංශ පිරිභෝජනය තහනම් කිරීමට උත්සහ කළද එම කර්මාන්තයේ නියැලෙන්නන්ගේ විරෝධතා සහ ගොවීන්ගේ සහ ආපනශාලා හිමියන්ගේ ජීවනෝපාය ගැන කනස්සල්ලට පත්වීම හේතුවෙන් එම පනත ගෙන ඒම අසාර්ථක වි ඇත.

සුනඛ මස් අනුභව කිරීම කොරියානු අර්ධද්වීපයේ අනාදිමත් කාලයක සිට පැවත එන පුරුද්දක් වන අතර එය ග්‍රීෂ්ම ඍතුවෙන් ඇති උණුසුමෙන් මිදීමේ මාර්ගයක් ලෙසද සැලකෙන බවයි එරට අතීත පොත පොත සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...