රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න සමඟියෙන් පනතක්!

Date:

කොළඹ LNW:රටේ ආර්ථිකය විනාශ කළ කපුටු කැබිනට්ටුවේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී සමඟි ජන බලවේගය පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේය.

ඒ, අද (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මේ අතර රටේ ආර්ථිකය බංකොලොත් කළ කෙනෙකුගේ උපන්දිනය සැමරීමට ජනාධිපතිවරයා යාම ඔහුගේ බංකොලොත්භාවය පෙන්නුම් කරන්නක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එලෙස කටයුතු කරන්නේ ජනතාව ගැන කිසිදු හැඟීමක් නොමැතිකම නිසා යැයිද ඔහු කියාසිටියේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙන්ම කෝප් කමිටුවේදී සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ හැසිරීම ගැනද අජිත් පී පෙරේරා මහතා අදහස් දක්වන ලදී.

”ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට්ම තමයි ඉල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මහ මාෆියාවක්. කෝප් කමිටුවේ සභාපතිවරයා ෆේස්බුක් එකේ කියනවා මම වැරදි නෑ කියලා. මහාචාර්ය බණ්ඩාර ට කියන්න ඕන පාර්ලිමේන්තුවේ ආචාරධර්ම කියවන්න කියලා.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුමක් තිබුණා කියලා පාර්ලිමේන්තුව ට කියන්න තිබුණා. මහාචාර්ය බණ්ඩාරට කියන්න ඕන ඔයාගේ ඉගි බිගි වලින් ක්‍රිකට් යටකරන්න බෑ කියලා. කෝප් එකට වෙන කෙනෙක් ගේන්න විශේෂ අවසරයක් ගන්න ඕන. ඔහුත් පොහොට්ටුවේ දූෂිත වලල්ලට එක් වී සිටිනවා.
ඔබ ඔය තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි.”
යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...