අපි කාබනික පොහොර ගැන ගත් තීන්දුව වැරදියි.ඒ වරද තමයි අපිට බලපෑවේ – නාමල්

Date:

කොළඹ LNW:රට බංකොලොත් වූයේ බදු සහන නිසා බවට චෝදනා කරන්නේ නම් ඊට සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද දායක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සමඟි ජන බාල්වේගය සහ ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කළ බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ එදා යහපාලන ආණ්ඩුවේ සිටි වත්මන් සජබ ලොක්කන් සහ ජවිපෙ සමාජිකයින් යැයි කියාසිටියි.

”2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% ක්. එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට භාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැහැල තිබුණේ. අද සජබෙ ඉන්නේ එදා යහපාලනයේ සිටි අය සහ එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින්.”

2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සමඟි ජන බලවේගයෙන් ප්‍රශ්න කරන බවද රාජපක්ෂ මහතා කියාසිටියි.

සමහරුන් අයවැය විවේචනය කිරීම සම්බන්ධයෙන් රිදවාගෙන ඇති බවත් ඕනෑම ආණ්ඩුවක වැරැද්දක් ඇතොත් ජනතාව වෙනුවෙන් එම වැරැද්ද පෙන්වා දීමට තමුන් පසුබට නොවන බවත් නාමල් රාජපක්ෂ මහටහ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කාබනික පොහොර භාවිතය වැනි වැරදි තීන්දු තීරණවලට කට වහගෙන සිටීම නිසා අද මෙවැනි තත්වයක් ඇතිවී තිබෙන බවත් එයින් පාඩමක් ඉගෙන ගෙන ඇති බවත් එම නිසා අයවැය පමණක් නොවන ඕනෑම ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීමට හා පෙන්වා දීමට පසුබට නොවන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...