කැරම් ලෝක කුසලානයේ රැව් දුන් ලංකාවේ නම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

ඇමෙරිකාවේ පැවති හයවන කැරම් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලෝක අනු සූරයින් බවට පත් වුණා.මෙවරත් සුපුරුදු පරිදිම ලෝක සූරතාවය ඉන්දියාවට හිමි වුණා.


ශ්‍රී ලංකා කැරම් කන්ඩායමේ නායක සහීඩ් හිල්මි සහ අනාස් අහමඩ් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිරිමි යුගල ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීමත් කැපී පෙණෙන දක්ෂතාවයක් වුණා.එසේම කාන්තා යුගල තරග අංශයේදී ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දෙන්නට තරුශි හිමහන්සිකා සහ හිරුෂි මල්ශානී ද සමත් වුණා.

චමිල් කුරේ


මේ අතර ශ්‍රී ලංකාව කැරම ලෝකයේ ඉහළින් ඔසවා තබන්නට විශාල වෙහෙසක් ගත්,ශ්‍රී ලංකා කරම් කණ්ඩායමේ නායකයෙකු ද වූ චමිල් කුරේ මෙවර නෙදර්ලන්ත කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහුගේ හැකියාවන් අගය කරමින් විශේෂ තිළිණයක් ප්‍රදානය කිරීම ද ලෝක කුසලාන සමාප්ත උළෙලේදී දකින්නට ලැබුණා.ලංකාවෙ කරම් ජනනය වූ පවුල ලෙස සැළකෙන කරුණාරත්න පවුලේ පුරුකක් වන චමිල් කුරේ එහිදී යුරෝපීය ක්‍රීඩකයින් අතර කැපී පෙණුන ක්‍රීඩකයා ලෙස ඇගයීමට ලක් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...