සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW):ඔක්තෝම්බර් 5 වන දින ඇරඹි මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දැන් නිමා වී අවසන්ය.හයවන වරටත් ලෝක සූරතාවය ඔස්ට්‍රේලියාවටය.තරගාවලිය මෙන්ම ඔස්ට්‍රේලියාවද ක්‍රිකට්මය පමණක් නොවන පාඩම් ජිවිතයට එකතු කර ගත හැකි තරගාවලියක් යැයි පැවසීම වඩා නිවැරදිය.

ඔවුන් තෝරාගත් සංචිතයේ ආබාධිත ට්‍රෙවිස් හෙඩ් ද රැඟෙන ආවේ මේ තරගාවලියට ඔහු අත්‍යවශ්‍යය බව ඔවුන්ට හැඟුණ නිසාය.මුල් තරග දෙකම පරාජය වී ලකුණු සටහනේ පහළින්ම සිටි ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය දෙසට හැරෙන්නට ගත්තේ ශ්‍රී ලංකාව පරාජය කරමින්ය.එ් තරගය ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මානිසක මට්ටමේ වෙනස කියවා ගන්නට හොඳ තරගයක් විය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් සහ පැතුම් නිශ්ශංක ලකුණු 125 ක ආරම්භක කඩුලු සබඳතාවයක් ගොඩ නඟමින් තරගාවලියේ තරග දෙකක් පරාජය වි සිටි ඔස්ට්‍රේලියාවට තෙවන පරාජයේ අමිහිර ද විඳින්නට පාර කපමින් සිටියේය.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිගින් දිගටම ඒ මානසික විශ්වාසය තහවුරු කරගෙක පිටියේ රැඳෙන්නට අපොහොසත් වීම නිසා සියල්ලම ලකුණු 209 ට දැවී ගියහ.එහිදී ආරමභක පිතිකරුවන් වු කුසල් ජනිත් ලකුණු 78 ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 61 ක් එක් කළහ.ඉනික්බිති ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ ලකුණු තත්ත්වයකට පැමිණි එකම ක්‍රීඩකයා වූ චරිත් අසලංක ලකුණු 25 ට අවසාන ක්‍රීඩකයා ලෙස දැවී යන විට සමස්ත ලකුණු ගණන 209 ක් පමණක් විය.කණ්ඩායමේ මානසික විශ්වාසය ගැන අදහසක් ගන්නට පහත ලකුණු විස්තරය යොදා ගන්නට හැකිය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/australia-vs-sri-lanka-14th-match-1384405/full-scorecard
එතැන් සිට ඔස්ට්‍රේලියාවේ තරගාවලියේ ඉලක්ක බවට පත් වූයේ අවසාන කණ්ඩායම් හරත අතට ඒමය.එම අවස්ථාව ඔවුන් සමීප කර ගත්තේ ග්ලේන් මැක්ස්වල්ගේ ද්විත්ව ශතයෙන්ය.එසේ නොවිණිනම් ඔවුන් ඇෆ්ගනිස්තානය ඉදිරයේ පරාජය වී අවසාන පූර්ව වටයට ඒම ද ඇෆ්ගනිස්තානයට පවරා මේ වන විට සිටින්නට තිබුණේ ඕස්ට්‍රේලියාවේ ය.
එම කඩඉමට පිවිසි පසු ඔස්ට්‍රේලියාව වැඩ කළේ වාර්තා තබන්නට නොවේය.කණ්ඩායමක් හැටියට අනෙක් කණ්ඩායම පරාජය කරන්වට අවශ්‍යය සංවිධානාත්මකභව තර කිරීමය.එහිදී ඔවුන් කණ්ඩායමේ එකිනෙකාගේ හැකියාවන්ගේ ස්වභාවයට අනුව වගකීම් පවරා ගෙන තිබිණි.මෙහි හොඳම උදාහරණය ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 200 කරා යද්දී නායක පැට් කමින්ස් පන්දු 68 තුළ කඩුල්ල බේරාගෙන ලකුණු 12 ක් ලැබීමය.කමින්ස් සහ මිචෙල් ස්ට්‍රික් එක්ව අවසාන පූර්ව තරගයේ දී ද,දකණු අප්‍රිකාවට එරෙහිව එවැනි තැනකට ඔස්ට්‍රේලියාව රැඟෙන ගියේය.
වෘත්තීය මට්ටම ක්‍රිඩාවක තිබෙන්නේ ශරීරය තුළ ඇති ක්‍රියාකාරීත්වය තුළ පමණක් නොවන බව මේ තරගයේදී ඕස්ට්‍රේලියාව ටක්කෙටම ඔප්පු කර පෙන්නුවේය.හිටපු සූරයන් ලෙස තරගාවලියට පිවිසි එංගලන්තය එකම සැළසුමක සිට දියව ගිය ද,ඕස්ට්‍රේලියාවට අවශයය හැඩයට වෙනස් කළ හැකි නමනීයත්වයක් තිබිණ.වගකීම් බෙදුණු සහ ප්‍රතිවාදීන්ට සැඟවුණු තැන් තිබුණ බව පැහැදිළි කරමින් අවසන් පූර්ව තරගය වෙනස් කළ පන්දු දෙක යැව්වේද කණ්ඩායමේ මුල් තරග ක්‍රීඩා කරන්නට තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක නොසිටි ට්‍රෙවිස් හෙඩ්ය.හෙයිව්රිච් ක්ලාසන් සහ ඩේඩඩ් මිලර්ගේ සබඳතාවය බිඳ ඊළඟ පන්දුවෙන් මාර්කෝ ජෙන්ස්න් ද පිටියෙන් ඉවත් කරන්නට හෙඩ් සමත් විය.
කෙනෙකුගෙන් ගිලිහුණ ද,එම හිස්තැන පුරවමින් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදි අවධානය මිස අවදානමට ඉඩ දීමට ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් හොඳ මානසික මට්ටමක සිටි බව පැහැදිළි විය.ඒ නෙසැලෙන ගුණය නිසා අවසාන තරගයට පිවිසුණු ඔස්ට්‍රේලියාව තරගය ආරම්භයේදීම රෝහිත් ෂර්මා එල්ල කරන්නට පටන් ගත් ප්‍රහාරය ඉදිරියේ නොසැලී මානසික ඒකාග්‍රතාවය රඳවාගෙන ක්‍රීඩා කළ ආකාරය අපූරුය.ඉන්දියාව තරගාවලිය පුරාම ලකුණු 300 සීමාවට පිවිසුණේ කිසිඳු අපහසුවකින් තොරවය.ඒ ඔවුන්ගේ රටාව තුළම ඔවුන් වරදකට හසුකර කඩුලු ඉවත් කිරීම ඔස්ට්‍රේලියාවේ උපක්‍රමය විය.
එය හරියට රසට රැවටී ඉන්දීය පිතිකරුවෝ බී විරේකයක් බඳු වූහ.ඒ රස වෙනුවට සිඳු වූයේ කඩුලු එක පිට එක පහවීමය.ලකුණු 240 සිමා වූ පසුව මේ දක්වා ලකුණු 300 ක් බේරා ගැනීමට උත්සාහ කරන කණ්ඩායමකට පැමිණෙන පීඩනය ඕස්ට්‍රේලියායට නො’ආවේය.තුන්සිය ගණනක පීඩනයෙන් සිටින කෙනෙකුට පන්දු යවන තරම් සැහැල්ලුවකට වඩා පන්දු ඕවරයකට ලකුණු 5 ට ත් අඩුවෙන් ලකුණු හඹා යන්නට එන්න ඔස්ට්‍රේලියාන්වෝ ඉන්දියාව පිඩන්යේ ගිල්වූහ.විරාට් කෝලි වැන්නන් ඒ පීඩනයෙන් මිදෙන්නට ප්‍රේක්ෂකාගාරයේ සහය ද ඉල්ලා සිටින බවක් දකින්නට ලැබිණ.නමුත් ඒ වන විට කඩුලු 3 ක් දී සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින් වෙතින් තව දුරටත් කඩුලු නොදීමට හෙඩ් සහ මාර්නස් ලබුස්චේන්ජ් තීරණයකට එළැඹ සිටියහ.
හේඩගේ ආක්‍රමණය සහ ලබුස්චේන්ජ් ගේ ආරක්ෂාවෙන් සමබරව ගොඩ නැඟුණ ඔස්ට්‍රේලියා ඉණිමේ තිබුණ සමබරතාවය සහ වෘත්තීයභාවය එකතු වුණ දැඩි මානසික විශ්වාසය අභියෝගයට ලක් කරන්නට කරමේ විරේකයක් හදා ගන්නට රෝහිත් ෂර්මාගේ බල ඇණියට දැණුමක් නොතිබිණ.සකස් කළ ඉදිරිපත් වූ බොහෝ දේවල් ඉහිරවා එම දෙදෙන කළේ එම විරේක බඳුන්වලට ඔස්ට්‍රේලියාවේ ජයපැන් එකතු කිරීමය.
ලෝක කුසලාන අවසාන තරගයක් ජය ගන්න කණඩායමක් පෙළ ගැසෙන හැටි මීට පෙර දිනා තිබූ පස්වතාවටම වඩා හොඳින් අධ්‍යයනය කරන්නට ඉඩක් මේ තරගයේදී ඔස්ට්‍රේලියාව ලෝකයට ඉදිරිපත් කළේය.තරගාවලිය පුරාම කණ්ඩායම් හැසිරුණ ආකාරයට පෙණුනේ ඇගේ හයියට වඩා මොලේ පාවිච්චි කිරීම ක්‍රිඩාව ආක්‍රමණය කර ඇති බවය.කිසිවම් නිශ්චිත සැළසුමක කණ්ඩායමක් හැටියට එකතු කරන දේ මිස පුද්ගල කේන්ද්‍රීය දක්ෂතා මත දේ කිරීම උගහට බව හොඳින් කියවා ගන්නට ලැබිණ.
හැකියාව විතරක් නෙමෙයි ඔළුවත් ඕනි යන සරල න්‍යායේ සිට කරගාවලියේ දිග හැරුම විශ්ලේෂණය කළ හැකි තරමට තරගවල සිඳුවීම් පෙළ ගැසිණි.එසේම ක්‍රිකට්මය සිතීම පිටියෙන් බැහැර සිටි කළ නොහැකි තාක්ෂණික කියවිමක් බව ද දැණින.මහේල ජයවර්ධන ඉන්දියාවට එරෙහිව පන්දු රැකීම තෝරා ගැනීම ගැන කුසල් මෙණ්ඩිස් බිත්තියට තබා ඇන ගසන තත්ත්වයක එය කණ්ඩායමේ සාමූහික තීරණයක් බව කියමින් එහි ධනාත්මක ප්‍රතිපලය ලෙස රෝහිත් ෂර්මා ආරම්භයේදීම ඉවත්වීම උදාහරණයකට ගෙන පෙන්නුවේය.එහෙත් සැළසුම ලිහී ගියේ ඒ ආසන්නයේ ලැබුණ උඩ පන්දු බිහ වැටුණ නිසා බව මහේලගේ අදහස විය.
ඉනික්බිති ඔහු පැවසුවේ මුල් පන්දු ඕවර් 10 – 15 අතර කඩුලු ලබා නොදෙන සැළසුමකට ගොස් පසුව ආක්‍රමණය කරන්නට හැකි ආකාරයෙන් තණතිල්ල හොඳ වන බව පරීක්ෂාවන්හී දි නිරීක්ෂණය වූ බවය.නමුත් මහේල විශ්වාස කළ ආකාරයට උඩ පන්දු ගිලිහී යාමෙන් සිදු වූයේ ශ්‍රී ලංකාවට හැල්මේ පන්දුවට පහරදිය නොහැකි පීඩනයක් ගොඩ නැඟීමය.
ඕස්ට්‍රේලියානු දස්කම් සැළකිල්ලට ගනිද්දී ඔවුන් ප්‍රතිවාදීන්ගේ වැරදක් යළි නිවැරදි කර ගන්නට ඉඩ දුන්නේ නැත.ඒ වරදේ උපරිම පාඩුව ප්‍රතිවාදීන්ට ලැබෙන්නට සැළස්සුවේය.එසේම ඔවුන්ගේ වෘත්තීමය භාවයේ ඇති උසස්කම තෙරම් යන්න පැහැදිළි කරමින් ඔවුන්ට වු වරදින් පාඩුවක් නොවුණහොත් යළිත් වරදක් නොකරන්නට තරම් දැඩි විශ්වාසයකින් ක්‍රියා කළ හැකි මානසික ඒකාග්‍රතාවයක් තිබිණ.
ක්‍රීඩාව වාසනාව මත තීරණය වන දෙයක් නොව කාලය,වේගය සහ ඊට දක්වන ප්‍රතික්‍රියාවන්වලදී මනස සහ සිරුර සමතලයක තබා ගැනීමේ හැකියාව මත තීරණය වන්නකි.මේ තරගාවලියේ ලකුණු සටහන්යලට සහ අවසාන තරගයේ ලකුණු සටහන්වලට පිවිස බැලීමේදී ක්‍රීඩාව යනු සෙල්ලමක් නොව විද්‍යාත්මක භාවිතයක් බව ඒ ඉලක්කම් මත සිට වුව සිතා සොයා ගන්නට බැරි නැත.ඒ සාමූහික ජයග්‍රාහී රිද්මය පුද්ගල කේන්ද්‍ර එකක් නොවන්නට ඕසටේලියානු ක්‍රීඩකයන්ට පෞද්ගලික දක්ෂතාවලින් ඉහළම තැන් වෙන් වී ඇත්තේ අඩුවෙන් බව, නිරීක්ෂණයේදී පැහැදිළි කර ගැනීමට හැකියාව ඇත.ඇඩම් සම්පා පන්දු යැවීමෙන් වැඩිම කඩුලුලාභීන් අතර දෙවන තැන සිටියද අන් ක්‍රීඩකයින් මුල් ස්ථාන තුන තුළ නැත.ඒ අතරින් බලන විට මූලික වටයෙන්ම ගෙදර පැමිණි ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මධුශංක වැඩිම කඩුලුලාභින් අතර තෙවැන්නාය.කණ්ඩායම් ක්‍රිඩාවක තනි පුද්ගලයෙක්ට වඩා කණ්ඩායමක් හැටියට දක්ෂතා වැදගත්ය.එසේම පහරදීම සහ පන්දු රැකීම තරමටම තරගයක් වෙනස් කළ හැකි පන්දු රැකීම ලෝක කුසලානය ඉන්දියාවෙන් උඳුරා ගැනීමට ප්‍රබලතම සාධකයක් වූ බව ද බැහැර කළ නොහැකිය.
තරගාවලියේ මුළු ලකුණු ලබා ගැනීම්
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/match-schedule-fixtures-and-results
අවසාන මහා තරගය
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/india-vs-australia-final-1384439/full-scorecard.

