Saturday, December 9, 2023
spot_img

Latest Posts

නව සෞඛ්‍ය ලේකම් ලෙස වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩ අරඹයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විශ්‍රාමයෑම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා වෛද්‍ය පාලිත මහීපාල මහතා පත්වූ අතර, අද  (20) වන දින නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස ඒ මහතා විසින් වැඩ භාර ගැනීම සිදුවිය.

මීළඟ ලේකම්වරයා වීමට කිහිප දෙනෙකු අතර දැඩි තරඟයක් මතුව තිබිණු අතර, වෛද්‍ය පාලිත මහීපාල මහතා ද ඒ අතරින් එක් අයෙකි.

වෛද්‍ය පාලිත මහීපාල මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබේ.

ඔහු 2019 අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයා ලෙසද කටයුතු කරන ලදී.

මහජන සෞඛ්‍ය, සෞඛ්‍ය අංශ කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍රවල අත්දැකීම් රැසක් ඇති ඒ මහතා වෛද්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි.

සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන්ට ශ්‍රී ලංකාව තුළ තම සමාජභාවය නීත්‍යානුකූලව වෙනස්කර ගැනීම සඳහා අත්‍යාවශ්‍යම ලේඛනයක් වන සමාජභාවය හඳුනා ගැනීමේ සහතිකය (Gender Recognition Certificate) හඳුන්වා දීම සඳහා 2016 වසරේ දී එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය පාලිත මහීපාල මහතා මැදිහත් වූයේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.