සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ක්‍රීඩා පණතේ ඇති බලය අනුව කටයුතු කරන බව කියමින් එම පණත අනුව තීරණ ගත් ක්‍රිඩා තුනක්ම ජාත්‍යන්තර තහනමට ලක් වී තිබෙන මොහොතක,ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර අර්බූදය ඇතිවීමට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සියයට විස්සක් ඉල්ලා කළ බලපෑම බව පෙන්වා දුන්නේය.එවැනි බලපෑමක් එල්ල නොකළ බවට මාධ්‍යයට කරුණු දක්වමින් සියයට විස්සක් ක්‍රිකට් ආදායමෙන් ඉල්ලා යවන ලද ලිපියද අමාත්‍යවරයා මාධය ඉදිරියේ කියැවීය.
එම ලිපියේ ඇත්තේ කරුණාවෙන් කරන ලද ඉල්ලීමක්ය.එම ඉල්ලීම පිළිගතහොත් රටේ අනෙකුත් ක්‍රීඩාවනට උපකාර කළ හැකිය යන්නත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා එම ලිපියේ සඳහන් කර තිබෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා එම ලිපිය කියවමින් පෙන්වා දුන්නේය.
ක්‍රීඩා පනතේ 25 (1) වගන්තියට ප්‍රකාරව දක්වා ඇත්තේ අමාත්‍යවරයා ඉල්ලා සිටිනු ලබන ක්‍රීඩා අරමුදල ක්‍රියාත්මක වන්නේ අමාත්‍යවරයාගේ විධානවලට යටත්ව අමාත්‍යංශ ලේකම් යටතේය.මෙයින් පැහැදිළිවන්නේ ක්‍රිඩාවේ දේශපාලන බලධරයාගේ විධානයන්ට අනුව අමාත්‍යංශ ලේකම්වරයා මෙම අරමුදල භාවිතයට ගත් යුතුය.
මේ ඉල්ලීමනම් අර්බුදයේ මූලිකම තැන ක්‍රීඩා ඇමතිතුමා රටේ සියලු ක්‍රීඩාවන් නඩත්තු කිරීමට තමන්ට මුදල් උපයාගත නොහැකිවීම සහ රටේ තත්ත්වය දුර්වලවීම කියන කාරණාව මඟ හරවා ගැනීමට කරුණාවෙන්,ගෞරවයෙන් සහ තවත් කුමන ආකාරයෙන් හෝ මුදල් ඉල්ලා තිබීම ද,වත්මන් අර්බූදයට හේතුවක් වන්නට ඇති බව අමාත්‍යවරයා පවසන දෙයින් අනුමාන කිරීම වැරදි නැත.එහි යටි අරුත මෛසේ අවබෝධ කර ගැනීම සරලය.
“උඹ හම්බ කරන දෙයින් කොටසක් මට ඕනි විදිහට වියදම් කරන්න දීපං.” දැන් අමාත්‍යවරයාගේ කාරුණික හෝ බලහත්කාරයේ ඉල්ලීමේ යටිපෙළ මේ විදිහට කියා ගැනීමේ වරදක් අපි නොදකිමු.මෙවැනි තත්ත්වයක අමාත්‍යවරයා හෝ ආණ්ඩුව සදාකාලික නොවන නිසා විපක්ෂය මේ තත්ත්වය රීතියක් හෝ සම්ප්‍රදායක් විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය හා එතෙන්නේනම් එය ආණුඩුව ඇති විට හොඳ ඉල්ලමක්ය.
ජේආර් ගේ ව්‍යස්ථාව ගැන ජේආර් පාලනය කරනවටත් වඩා භයානක තත්ත්වයන් නිර්මාණය විය හැකි බව එන්.එම්.පෙරේරා පැවසූ ආකාරයට ක්‍රිකට් ආයතනයෙන් සියයට 20 ක් යන්න සම්ප්‍රදායක්ව ගියහොත් නරක දේශපාලන සෙල්ලම්වලට එය හේතුවිය හැකිය.එසේම එවැනි දෙයක් නෛතිකව ඉටු කරන්නට යාමේදි අයිසීසී මැදිහත්ව නවතන ලෙස කිවහොත් සහ ක්‍රිකට් නොවන දේ සඳහා වියදම් වන්නේ ද යන්න සළකා බලන තත්ත්වයක් පැමිණියහොත් වැඩේ දරුණු අතකට පෙරැලී යා හැකිය.
මෙම සියයට විස්සේ ක්‍රමය නැතුව දේවල් සිඳු වූයේ නැද්ද?දැල් පන්දු ක්‍රීඩිකාවකට ලක්ෂ 20 බැඟින් දුන්නේ ක්‍රිකට් ආයතනයේ මුදල්ය.ඇමති පමණක් නොව එයට ජනාධිපතිත් එක්ව සිටියේය.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට මුදල් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්ය.එතැනත් ඇමති සිටියේය.එපමණක් නොව පිළිකා රෝහලට ඖෂධ ලබා ගැනීමට වැනි වෙනත් ආකාරයේ ජාතික මට්ටමේ ආධාර ලබා දීමේ වැඩ පීළිවෙලවල් සඳහා ද අමාත්‍යවරයා පැමිණ සිටියේය.ජාතික ක්‍රිඩා අරමුදලට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශ සුබ සාධන සමිතියටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආධාර ලැබුණේය. එවැනි මානසික මට්ටමක සිට,තමන්ට විධානය දෙන්නට බලය ඇති ගිණුමකට මුදල් ඉල්ලා සිටීම වචනවල කරුණාවෙන් මැන බැලිය නොහැකි බලපෑමක් වන්නේ පවතින බලය අනුවය.
මේ තත්ත්වය යටතේ ක්‍රිඩා ඇමතිවරයා ක්‍රිකට් සමඟ දේශපාලන බලපෑම් කියා ජාත්‍යන්තර වශයෙන් තහනම් වූ ක්‍රිඩාවන් තුනේදිම වැඩ කළේ ක්‍රිඩා පනතේ තමන්ට ඇති විසල් බලය පදනම් කරගෙනය.එම වැරදීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී නිවැරදි තැනින් පියවරක් පැන එහිදී ද තහනම තමන්ගේ තැනින් ඉවත් කරගෙන අනුන්ගේ ඇඟේ ගාන්නට උත්සාහ ගන්නේය.රගර් සම්බන්ධ කතාවේදී අමාත්‍යවරයා කියනාකාරයට ඔහු පත්වන විට නාමල් රාජපක්ෂ රගර් තහනම් කර අවසන්ය.නමුත් රොෂාන් රණසිංහ පත් වූ පසු අධීකරණයෙන් එම තහනම ඉවත් කිරීමට අවශ්‍යය උපදෙස් ඊට හේතු වූ කාරණා අධ්‍යයනය කර ඒ තහනමට බල පෑ සංගම්වලට දැණුම් දී කටයුතු කර නිලවරණයට යන ලෙස අධිකරණය අවවාද කළේය.
දෙවැනි වරට නිලවරණයෙන් පත්වන කණ්ඩායම සමඟ අමාත්‍යවරයා ගැටළු ඇති කර ගත්තේ ඉන් පසුවය.එයට ආසියානු සභාපතිවරයාගේ මැදිහත්වීම ගෙන ආවේය.අධිකරණයෙන් කියූ ලෙස කරුණු අවබෝධ කර දි නාමල් රාජපක්ෂගේ පාලන සමයේ සිදුවීම් නිමා කරන්නට අමාත්‍යංශය වැඩ කළේ නැත.එය ඉවත් කර මේ අමාත්‍යවරයා පසුව කළේ ඒ සමඟම අලුතින් පත් වූ කණ්ඩායම විසුරුවා ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමය.
ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාව සමඟ ගැටළුව සාදාගත් පළමු මොහොත නිර්මාණය කළ ආසියානු රගර් සභාපතිට ඡන්දය නොදුන හිටපු රගර් සභාපති හිටියේ අමාත්‍යවරයායට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් ලෙසය.ශ්‍රී ලංකාවට විදේශීය ක්‍රීඩකයින් ක්‍රීඩා කරවිමෙන් පවුම් 50000 ක් ගෙවන්නට සිදු වූ අවස්ථාව නිර්මාණය කළ රගර් සභාපතිවරයා ආසියානු සභාපතිවරයා සමඟය.නාමල් රාජපක්ෂ සහ රොෂාන් රණසිංහ ඇමතිවරු දෙදෙනාම ඔවුන් සමඟ කුළුපඟව වැඩ කරමින් රගර් දේශපාලන අතපෙවීම්වලින් තොරව පෙරට රැගෙන යන්නට උත්සාහ කළ සභාපතිට ගල් පෙරළුවේ ඔහුගේ නායකත්වය යටතේ තිබුණ ස්වාධීනත්වය තුළ දේශපාලකයා නොසළකා හරින නිසාය.
අමාත්‍යවරයා හැකිනම් ආසියානු සභාපතිවරයා සමඟ ශ්‍රී ලංකා සභාපතිවරයා ගැටුමක් හදාගත්තේ ඇයි ද යන්න පැවසිය යුතුය.ඊට හේතුව ලංකාවේ දේශපාලන ක්‍රීඩා බලධාරියා සඟ එක්ව ශ්‍රී ලංකා රගර් පරිපාලනයට අනවශ්‍යය බලපෑම් එල්ල කිරීමය.ඒ අතර ආසියානු සභාපතිවරයාට සහ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට ඇති හිතවත් කම පදනම් කරගෙන අන්‍යජාතිකයින් ක්‍රීඩා කරවමින් ලංකාව ජාත්‍යන්තර වශයෙන් දඩයකට යටත් කළ හිටපු සභාපතිවරයෙක් උපදේශක සභාවක් පත් කර එහි සභාපති ලෙස නම් කිරීම ද ඇතුළත්ය.රොෂාන් රණසිංහ ඒ කිසිවක් ගණන් නොගෙන රටේ ක්‍රීඩාවේ ස්වාධීනත්වයට එරෙහිව දේශපාලනයට හිස නොනැමීම නිසා රගර් සභාපති ඉවත් කිරීම වෙනුවෙන් දිගටම පෙනී හිටියේය.ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා සභාපතිවරයා සමඟ ගැටුණේ ඇයි යන්න රොෂාන් රණසිංහ කිසිඳු තැනක අවධාරණය කර නැත.පරීක්ෂණයක් කර නැත.එහිදී දේශපාලකයාගෙ සළු ගැලවෙන නිසා දේශපාලකයාගේ පෞරුෂය රැකීම පළමු දේ සේ ඔහු සිතන නිසාය.
මේ තහනම් කිරීම් සිඳුවීම් වන්නේ ඇයිද යන්න සිතීමේදී ක්‍රීඩා පණත යනු ලෝකයට නොගැලපෙන එකක් බව දැන්වත් තේරුම් ගැනීම වැදගත්ය.ක්‍රීඩා අරමුදල සම්බන්ධ විරසකය දෙසට හැරුණොත් ක්‍රීඩා අමාත්‍යවරයාට තිබුණේ තමන්ගේ යුතුකම තමන්ගේ මිත්‍රයෙකුගෙන් ඉටු කරවා ගන්නට යොමු කර එහි ආසන්නයේ සිටගෙන ලකුණු දමා ගැනීමය.ඒ වෙනුවට එය තමන්ගේ පාලනයට නතු ගිණුමකට දමා ගෙන තමන්ගේ සාක්කුවෙන් ඇඳ දෙන ආකාරයට දීමේ ආසාවක් ඇති වීම යම් අප්‍රසන්න ගතියක් දනවන්නේය.
අපේ අදහසට මේ මොහොතේ ක්‍රිකට් පරාජය විගණන වාර්තාවල වැරදි නිසා සිඳු වූ දෙයක් බව හිතන්න පුහුණු කළ,බොහෝ පිරිස් එකඟ නොවනු ඇත.අමාත්‍යවරයා ඒ ප්‍රශ්නය ක්‍රිඩක දක්ෂතා සමඟ සම්බන්ධ කරන කිරීම හරිම දුප්පත් තර්කයක් වුණත් මේ මොහොතේ පරාජය යනු සංවේදීම කාරණයක් බැවින් මිනිස්සු එහි වසා සිටින බව පැහැදිළිය.විගනන වාර්තා නිසාම ක්‍රීඩකයන් පුහුණුකරුවන්ට දෙන විශාල වැටුපද පාර්ලිමේන්තුවේ දිග හරිද්දී ඒවා පමණ ඉක්මවා ඇත්නම් එයින් කියවෙන්නේ ක්‍රීඩාවට පමණ ඉක්මවා අවශ්‍යය දේ කර ඇති බවත්,විගණන වාර්තාවල දුර්වල කම් සහ පරාජයට බලපාන දුර්වලකම් අතර සම්බන්ධයක් නැති බවත් යන්න බව අපේ හැඟීමය.
ක්‍රිකට් ගැන තීරණ ගන්න අමාත්‍යවරයාට ඇති ඉඩ සහ උපදෙස් දෙන නඩ ද ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම පැත්තෙන් කරන ලද බලපෑමක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරන චෝදනාව ද නරකය.දුෂ්මන්ත චමීර මෙන්ම වනිඳු හසරංග ද මේ කණ්ඩායමට ඇතුළත් කර තරගාවලිය අතරතුරු ප්‍රයෝජනයට ගැනීමට තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා එවන යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාය.එහෙත් පසුව දුෂ්මන්ත චමීර තරග ගණනාවකට පසුව කණ්ඩායමට නම් කළ ක්‍රීඩකයින් ආබාධවලට ලක් වූ පසු කණ්ඩායමට එක් වී ක්‍රිඩා කරන්නේය.මේ ආකාරයට සම්පූර්ණ සුවය නොලැබී කණ්ඩායම සමඟ රැදෙමින් ඔවුන්ට නිරෝගීභාවය එනතුරු සිටි පිරිසක් වෙනත් කණ්ඩායම සමඟ සිටියේය.ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානය දිනා දීම සඳහා සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ ට්‍රෙවිස් හෙඩ් කණ්ඩායමට නම් කර සිටියේ ද සුව වී ක්‍රිඩා කරන තත්ත්වයේය.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අයිසීසී ය වෙත යවන ලද ලිපි ද මාධ්‍ය වෙත යොමු කර ඇත.එහිදී ආණ්ඩුවෙන් ක්‍රීඩාවට පත් කළ දේශපාලන නියෝජිතයා වන අමාත්‍යවරයාගේ නායකත්වය සහිතව අයිසීසී ව්‍යවස්ථාවන්ට අනුව පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඇති කරන බලපෑම් සම්බන්ධයෙන් චෝදනා කර ඇත.තමන්ගේ පාලනයෙන් ක්‍රිකට් ගිලහීම ඇතුළත ගතයුතු යම් යම් ක්‍රියාමාර්ග ගැන ඉඟි කර ඇත.ක්‍රිකට් තහනම් වන්නේ ඒ නිසාම බව සිතීම වෙනුවට 2022 සිටම අයිසිසිය ලංකාවේ බලාපොරොත්තුවන ක්‍රිකට් ගැන අමාත්‍යවරයා සහ අමාත්‍යංශය සමඟ කළ කතා බහ ද අදාළ කරගෙන සිතිය යුතුව ඇත.
තමන්ගෙන් තොර ශ්‍රී ලංකා ක්‍රිකට් යනු අයිසීසීය බලාපොරොත්තුවන ක්‍රිකට් නොවන බව කීමේ හැකියාවක් ඊට යටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඇති බවත්,මෙරට අතුරු කමිටු වැඩ කටයුතු කළ ආකාරයන් ගැන අත්දැකීම් අයිසීසීයට ඇති බවත් අමාත්‍යවරයාට උපදෙස් දෙන කිසිවෙක් නොකියන්නේය.ක්‍රීඩා පණතේ බලය මෙන්ම අයිසිසි යට රටක ක්‍රිකට් සමඟ ඇති බලය ද පිළිගෙන ලංකාවේ ක්‍රිකට් අයිසීසීවල ව්‍යහුයට අනුව නො’ගසා,මෙරට ඇමතිගේ බලයට අනුව ක්‍රියාත්මක කරවීමට ඉඩ නොදෙනු ඇති බව තේරුම් කරනු වෙනුවට මහා ධනස්කන්දයක් තියෙන ක්‍රිකට් පරිපාලන පුටු දෙස බලාගෙන ඒවා පාලනය කිරීම සිහින දකින පිරිස් එක දිගටම කරමින් සිටින්නේ තමන්ගේ උවමනාවන් වෙනුවෙන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා භාවිතයට ගැනීමය.අමාත්‍යංශයේ සියලු නිලධාරීන් හොර රහසේ සහ තමන්ගේ හෘද සාක්ෂියෙන් මේ අවුල ගැන දැනෙන මට්ටමක හිටියත්,දේශපාලකයාගේ වන්දිභට්ටයා වීමේ චරිතයට වඩාත් කැමති නිසා අමාත්‍යවරයාට සිය තීරණ ගැන බොහෝ විට ඇසෙන්නේ “යර්ස් සර්” කතාය.
දැන් මේ ගැන විසදීමකට පැමිණීමට ලිහාගත යුතු ප්‍රශ්න පෙළ ගස්වා ගත යුතුය.විගණනයේ ගැටළු සම්බන්ධයෙන් ක්‍රිකට් සඳහා පිළිතුරු බැදීමට අවස්ථාව තිබිය යුතුය.එය එසේ නොකර කැමති පරිදි හැසිරීමට ඉඩ ඇති බව අපි නොකියන්නෙමු.විගණනයේ අවුලක් ඇත.එය ක්‍රිකට් හැකියාවට බල පෑ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට අඩු පාඩු කර එම මුදල් අයථා ආකාරයට වියදම් කර තිබීමය යන්න අමාත්‍යවරයාම ක්‍රීඩකයන්ට ඉහළ පුහුණුවක් ලබා දෙන්න පුහුණු කාර්ය මණ්ඩලවලට කරන වියදම් ගැන ප්‍රකාශවලින් නිශේධනය වන්නේය.
ඒ නිසා ප්‍රශ්නය එකක් හැටියට සමාජය මත දමා කරන අවුල පළමුව විසඳාගෙන ප්‍රශ්න ප්‍රශ්නවල ස්වභාවය අනුව ඊට ඇති අනන්‍යතාවයෙන් තේරුම් ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පාර්ලිමේන්තුව පත් කරන කණ්ඩායමක් හෝ කතා කළ යුතුය.එහිදී අපේ ක්‍රීඩා නීතිය පමණක් නොව අයිසීසි නීති පද්ධතිය සහ මූල්‍ය විනය ගැන දරන ප්‍රතිපත්තිද ඒ කතා කරන පිරිස අවබෝධයකින් එකඟතා ඇති කර ගැනීම වැදගත්ය.අපේ පනතේ මේවට ඉඩ නැහැ කියා සරම කෙටි කර සටනට බැසීමේ න්‍යායෙන් බැහැරව ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තීරණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එකඟනම් සහ ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය මත නිවැරදිනම් ඒ සමඟ ගැටෙන්නට යාම රටේ ක්‍රීඩාවේ තහනම දිගු වීමක් පමණි.”ලෝකෙ ක්‍රිකට් ගහන හැටියට නෙමෙයි අපේ ක්‍රිකට් ගහන්නේ අපට ඕනි විදහට” වැනි රාජපක්ෂමය සෙයියාවේ ඔළු හෝදන උත්තරවලින් මවන මිත්‍යාශීලි ජාතිකාභිමානයට ලෝකය අල්ලේ නටවන්නට බැරිය.
පොළව ඉඹින,පපුවට ගසා ගන්නා දේශපාලන සෙල්ලම්වලින් මිදී ශ්‍රී ලංකාව මේ මොහොතේ වැඩි පුරම අවධානය යොමු කළ යුතුව ඇත්තේ ක්‍රීඩා පණත දෙසය.එය දේශපාලන බලධාරියාට හිස ඔබන්නට තරමට ඇති පළල් සීමාව ඊට වඩා කුඩා අවයවයක් පමණක් එඹිය හැකි මට්ටමට කුඩා කරන්නට අවශ්‍යය බව එක දිගට සිඳුවන සිදුවීම්වලින් තේරුම් නොගැනිම හෝ ඒවා තේරුම් ගැනීමට වඩා තමන්ට ඇති දේශපාලන ඇරියස් ආවරණය කර ගැනීමට ඇති ඉඩ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය දීම අපේ මහජන නියෝජිතයින්ගේ දුර්වලකමකි.අනුවනකමකි.බුද්ධිමත්ව එම වෙනසට පිවිසීම මේ මොහොතේ ව්‍යස්ථාදායක සභාවේ අවධානය යොමු විය යුතු තත්ත්වයකි.
කෙසේ හෝ අමාත්‍යවරයා මේ සියයට විස්සේ කතාව කරළියට ගෙන එමින් ඉතා අවංකව තමන්ගේ ඉල්ලීම පිළිගැනීම ගැන ගෞරවය හිමි විය යුතුය.දැන් මිනිස්සු එසේ බලවත් ඇමතිවරයෙක් ඉල්ලා සිටීම වචනවල තියෙන සොඳුරුකමෙන් සහ මිතුරුකමෙන් බලපෑමක් නොවිණිද යන්න සිතිය යුතුව ඇත.අයිසීසී තහනම ඉවත් කර ගැනීමේ කාරණයේදී ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම පළමු කාරණය වන අතර එයට මුහුණ දීමේදී තීරක බලය ඔවුන් සතු බව සිතා හෝ මෙරට දේශපාලකයන් හැසිරෙනවානම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සේම ආර්ථිකයට ද විශාල පහසුවක් වනු ඇත.
මෙහි අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය සටහන් වීඩියෝව ඉදිරිපත් කරන අතර, අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් මහරගම පිළිකා රෝහලට සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඩොලර් මිලියන දෙකක් පරිත්‍යාග කරන අවස්ථාවකට එක්වෙමින් සිටි මොහොතක් ඉහළ පිංතුරය ලෙස දක්වා ඇත.
