අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් කටයුතු කිරීමට විපක්ෂ නායකගෙන් කථානායකට සුභ පැතුම්!(VIDEO)

Date:

කොළඹ LNW: නව කථානායකවරයාට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් කටයුතු කිරීමට හැකියාව ලැබේවා යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) 10 වැනි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් පැවසුවේය.

10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්වීම් ලැබූ ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සිය සුබාශිංසන පුද කරන බවත් කතානායකවරයා ලෙස වැදගත් වගකීම් රැසක් ඔහු සතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්නට 225 දෙනාගේම මහජන සේවාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවාවන්හීදී ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කිරිමට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් නව කතානායකවරයා කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

එසේ ම නව කතානායකවරයාගේ වගකීම හා කාර්යභාරය ව්‍යවස්ථානුකුලව, නියමානුකූල ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...