තරුණයින් වෙනුවෙන් විපක්ෂ නායක සජිත්ගෙන් අලුත් වැඩක් ! (VIDEO)

Date:

තාරුණ්‍යය කේන්ද්‍ර කරගෙන රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කෙරෙන නව රටාවකට අනිවාර්යයෙන්ම මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අපි පිහිටුවනවා තරුණ උපදේශක කවුන්සිලයක්. ඒ තරුණ උපදේශක කවුන්සිලය අනාගත සමගි ජන බලවේග රජයක තීරණාත්මක ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ ආයතනය බවට පත්කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කර සිටිනවා. අපි බිහිකරනවා තරුණ සංවර්ධන අරමුදලක්. තරුණ ව්‍යවසායක බලකායක් දියත් කරන්නටත් අපි කටයුතු කරනවා. තාරුණ්‍යයේ සිහින සැබෑ කරන රටක් අපි නිර්මාණය කරනවා. දේශපාලනඥයෝ කැමති වුණත් නැතිවුණත් තාරුණ්‍යය කේන්ද්‍ර කරගෙන රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කෙරෙන අලුත් රටාවකට අපි මුල පුරනවාමයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති සමගි විහිදුම් බලගණයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...