පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයේ නියැලි උපාධිධාරීන් හමුවීමට විපක්ෂ නායක සජිත් යයි (VIDEO)

Date:

අවස්ථා ගණනාවක දී ක්‍රියාත්මක වූ උපාධිධාරීන් 60000ක් බඳවා ගැනීමේ වැඩසටහනේදී රජයේ නිලධාරීන්ගෙන් සිදුවූ අතපසුවීම් සහ අඩුපාඩුකම් තුළ උපාධිධාරින් 465 දෙනකුට රැකියා අහිමි වී දැනට වසර කිහිපයක් ගත වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමා දිගින් දිගටම පාර්ලිමේන්තුවේත් උපදේශක කාරක සභා තුළත් විෂය භාර අමාත්‍යවරයාව දැනුවත් කළ බවත් එහි දී විෂය භාර අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පවා මෙය අවසන් කරන බවට ප්‍රකාශ කළත් තවමත් මෙම ගැටලුව විසඳී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිලධාරින් කිහිප දෙනකු අතින් සිදුවූ අඩුපාඩුවක් නිසා මෙම උපාධිධාරීන්ට රැකියා අහිමි වි ඇති බවත් මේ සඳහා වගකිව යුත්තන් මොවුන්ට ලබා දිය යුතු රැකියා ලබා නොදී හිතාමතාම මොවුන්ගේ ජීවිත විනාශ කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් එය පහත් සහ අසාධාරණ ක්‍රියාවක් බවත් මේ නිසා මොවුන්ගේ මානව අයිතීන් පවා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ නිලධාරීන්ගේ අතපසුවීම් තුළින් රැකියා අහිමි වූ උපාධිධාරින් 465 දෙනකු ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න මාර්ගයේ උද්ඝෝෂණයක යෙදී සිටියදී එම ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදීය. මෙම ස්ථානයට යාමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මේ ගැටලුව ඊයේ දිනයේ ඉදිරිපත් කිරීමට ද කටයුතු කළේය. එසේම හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී නැවතත් මේ ගැටලුව ඉදිරිපත් කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...