Friday, December 1, 2023
spot_img

Latest Posts

නව සෞඛ්‍ය ලේකම්ගෙන් පොරොන්දුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිඟයකින් තොරව ඖෂධ සැපයීමට උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කරන බවත්, නියමිත වේලාවට ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන්වීමට ද කටයුතු කරන බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස ඊයේ (20) වැඩ භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.

අද ( 21) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද සෞඛ්‍ය ලේකම්වරයා තීරණය කර ඇති අතර, එහිදී අමාත්‍යාංශය මගින් ජනතාව වෙත ලබාදෙන සේවා කාර්යක්ෂමව සහ ජනතාවාදීව ලබාදීම වෙනුවෙන් උපරිම අවධානය යොමු කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.