*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ව්‍යාපාරික කවුන්සිලය නව ගමනක!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා වාණිජ මණ්ඩලය විසින් 21 වන ද්විපාර්ශ්වික වෙළඳ සභාව වන ශ්‍රී ලංකා-බංග්ලාදේශ ව්‍යාපාරික කවුන්සිලය නව පරිඡේදයකට මුල පුරයි.

මෙම ව්‍යාපාරික කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ ව්‍යාපාර සඳහා සාර්ථක ගමන් මගක් නිර්මාණය කරයි.

තවද, දෙරටෙහි සහයෝගීතාවය වර්ධනය සඳහා ඇති ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සහ දෙරට අතර වෙළඳාම, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධන අරමුණු වේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ කවුන්සිලයේ ප්‍රධානියා ලෙස, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md මහතා සහභාගී විය.

එහිදී Tareq Md මහතා පැවසූවේ, අසල්වැසි රටවල් දෙක අතර ව්‍යාපාර, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය මහත් රුකුලක් වන බවයි.

විශාල වෙළඳපොලක්, ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති, ශක්තිමත් යටිතල පහසුකම්, නිපුණ ශ්‍රම බලකායක් සහ වේගවත් ඩිජිටල්කරණයක් ලබා දෙමින් ගෝලීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස බංග්ලාදේශයට ඇති දැවැන්ත ව්‍යාපාරික ශක්තිය ඔහු අවධාරණය කළේය.

ආනයන මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම සහ සහයෝගී ව්‍යාපාර සඳහා විවිධ අංශවල අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අවශ්‍යතාව මෙහිදී මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ව්‍යාපාරික කවුන්සිලයේ සමාරම්භක සභාපති සහ Hayleys Advantis අධ්‍යක්ෂ ආචාර්ය අසංක රත්නායක මහතා අවධාරණය කළේ, දෙරට අතර ශක්තිමත් ආර්ථික හා වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා-බංග්ලාදේශ ව්‍යාපාරික කවුන්සිලය ඉතා වැදගත් සබඳතාවක් වන බවයි. තවද, ජාතීන් දෙක අතර අපනයනය සහ ආනයනය කරන නිෂ්පාදනවල ස්වභාවය පැහැදිලි කළ අතර දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාමේ සහ ආයෝජනයේ උපරිම ඵල නෙලාගැනීමට පාර්ශවකරුවන් සහ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට කවුන්සිලයේ කැපවීම පිළිබඳවද අදහස් දැක්වීය.

2023/2024 කාලය සඳහා කවුන්සිලයේ උප සභාපතිවරුන් වන්නේ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ සබ්‍රිනා එසුෆලි සහ කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තමරා බර්නාඩ් යන අයයි.

කවුන්සිලයේ සමාරම්භක විධායක කමිටුව MAS Intimates Bangladesh Ltd., Metropolitan Technologies Ltd., NDB Capital Holdings Ltd., The Swadeshi Industrial Works PLC සහ Venora International Projects Ltd හි නියෝජිතයන්ගෙන් වේ.

කවුන්සිලයේ සාමාජිකත්වය පිළිබඳ වැඩිදුර විස්තර ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-බංග්ලාදේශ ව්‍යාපාරික කවුන්සිලයේ ලේකම් කාර්යාලය, අංක 50, නවම් මාවත, කොළඹ 2 යන ලිපිනයෙන් ලබා ගත හැකි අතර විද්‍යුත් තැපෑල: [email protected] හෝ දුරකථන. : 011-5588861, 5588800. යන අංක භාවිතා කළ හැක.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan