උෂ්ණත්වයෙන් රත් වන බ්‍රසීලය!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රසීලය උෂ්ණත්වය – 44.8C (112.6F) වාර්තා කරමින් එහි උණුසුම්ම සමය මේ වන විට පසු කරමින් සිටී. බ්‍රසීලයේ ගිනිකොනදිග ප්‍රාන්තයේ Minas Gerais හි Araçuaí නගරයේදී මෙම උෂ්ණත්ව පරිමාව වාර්තා විය.

එල් නිනෝ සහ දේශගුණික විපර්යාස නිසා පෙර නොවූ විරූ කාලගුණයක් මේ වන විට බ්‍රසීලයේ පවතී. කාලගුණ අනාවැකිකරුවන් පවසන්නේ මෙම සතියේ උණුසුම තරමක් අඩු විය හැකි බවයි.

ජාතික කාලගුණ විද්‍යා ආයතනයට (Inmet) අනුව, ප්‍රාන්ත අගනගර තුනක පමණක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ළඟා වනු ඇතැයි CNN බ්‍රසීල් වාර්තා කරයි.

දකුණු අර්ධගෝලයේ ගිම්හානය ආරම්භ වීමට මාසයකට පෙර රට පුරා රතු අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර මිනිසුන් A/C වැනි දෑ භාවිතා කිරීමෙන් බලශක්ති පරිභෝජනය වාර්තාගත මට්ටමෙන් ඉහළ ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...