විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ IMF නියෝජිත හමුවක් – ගිවිසුම වෙනස් කරන්නත් සජිත්ගෙන් ඉල්ලීමක්!(VIDEO)

Date:

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් (22) කොළඹ දී සිදුවිය.

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කැට්ශරීනා සුයිවිඩ්සින්කා මහත්මිය සහ නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිකල් මහත්මිය සහ දේශීය ආර්ථික විශේෂඥවරියක් වන මානවී අබේවික්‍රම මහත්මිය ද එක්විය.

එහි දී වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම සාකච්ජාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ වර්තමානය වන විට ජනවරමකින් බිහි වූ රජයක් සහ ජනාධිපතිවරයකු සිටින බැවින් හිටපු රජය අත්සන් කළ IMF ගිවිසුම වෙනස් කර ජනතාවාදී ගිවිසුමකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවිය යුතු බවයි.

මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිස සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරුන්ද සහභාගී විය.

https://www.youtube.com/watch?v=v80niMR_nxg

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...