චීනය මාස හයකින් පසු පළමු කොවිඩ් මරණ වාර්තා කරයි

දැඩි කොවිඩ් අඟුලුලෑමකට ලක්ව ඇති බීජිං මාස හයකට පසු කොවිඩ් මරණයක් වාර්තා කර තිබේ. මේත් සමඟ රටේ නිල කොවිඩ් මරණ සංඛ්‍යාව 5,229දක්වා ඉහළ ගොස් ඇත.


ඊයේ (21)දිනයේ පමණක් වාර්තා වන ලද කොවිඩ් රෝගීන් සංඛයාව 316ක් ලෙස වාර්තා වන අතර අගනුවරට ගමන් කරන අයට ද ඔවුන්ගේ සංචාරයේ පළමු දින තුන සඳහා පරීක්ෂණ සිදු කිරීමට සිදුවනු ඇති අතර, ඔවුන්ට සියල්ල පැහැදිලි වන තුරු ඇතුළත රැඳී සිටිය යුතුය. අගනුවර කොටසක් මේ වන විටත් අඟුලුදමා ඇති අතර සාප්පු, පාසල් සහ ආපනශාලා වසා දමා මිලියන තුනක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කර ඇත.


බීජිං හි රෝග පාලනය සහ වැළැක්වීමේ නාගරික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Liu Xiaofeng තත්වය විස්තර කළේ නගරයේ තවමත් දක්නට ලැබෙන වඩාත්ම සංකීර්ණ හා දරුණු තත්වයක් බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...