සමරිසි ක්‍රියා සාපරාධීකරණය කරන වගන්ති ඉවත් කිරීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ!

Date:

සංස්කාරක (LGBTIQ)

කොළඹ (LNW): වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කරන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඉවත් කිරීමට / සංශෝධනය කිරීමට නිර්දේශ කරමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

2023 නොවැම්බර් 23 වන දිනැති එම ලිපිය, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්තිවලට අදාළව 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10(ඈ) වගන්තියට අනුව යොමුකර ඇති අතර, එම පනතේ 10(ඈ) වගන්තිය මඟින් ජාතික නීතී… ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන් සහ ප්‍රමිතීන්වලට අනුකූල බව සහතික කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කරන බව සිහිපත් කර සිටියි.

ඒ අනුව, ඉකුත් දින මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පා.ම. ප්‍රේම්නාත් දොළවත්ත විසින් යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අනුමත කරමින් නිකුත්කළ තීන්දුව ප්‍රකාරව, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සිහිපත් කර සිටින මානව හිමිකම් කොමිෂන් සභාව, එකී පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම තහවුරු කිරීම සඳහා රජයේ යෝජනාවක් ලෙස එම පනත් කෙටුම්පත අනුමත කරමින් එය පනතක් ලෙස බලාත්මක කිරීම කෙරේ අවධානය යොමුකරන මෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...