Marius Borg Høiby අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මාරියස් බෝර්ග් හොයිබි (Marius Borg Høiby) ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔහු නෝර්වේ ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මාරිට් කුමරියගේ, 27 හැවිරිදි පුත්‍රයා වේ.

මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, 20 හැවිරිදි  තරුණියක සමඟ මෝටර් රථයක සිටියදීය.

සිද්ධිය පිළිබඳව කරන ලද විමර්ශනයන්වලදී හොයිබි, එම තරුණිය සමඟ සම්බන්ධයක් නොතිබුණු බවත් ඇයගේ මහල් නිවාසයට හානි කිරීම සහ ඇයට කළ තර්ජනයක් සම්බන්ධයෙන් පමණක් වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.,තමාට එල්ල වන ‘ස්ත්‍රී දූෂණ’ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන බවද පවසා ඇත.

හොයිබි හට මීට පෙරත් මෙවන් චෝදනා එල්ලවී තිබුණ අතර, කාන්තාවන් තිදෙනෙකු සමඟ මීට ඉහත ඔහු සබඳතා පවත්වා ඇති අතර එම සමීප සබඳතාවලදී ඔවුන්වත් අපයෝජනය කළ බවට ඔහුට එරෙහි චෝදනා ගොනු වී ඇත.

20 හැවිරිදි  පුද්ගලයෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනා එල්ලවී තිබෙන අතර, මාරියස් බෝර්ග් හොයිබි උපත ලබන්නේ ඔහුගේ මව වන මෙට්-මාරිට් කුමරිය, ඔටුන්න හිමි කුමරු හාකොන් සමඟ විවාහ වීමට පෙරයි. ඒ අනුව, හාකොන් කුමරු හොයිබිගේ සුළු පියා වේ. එනිසාවෙන් ඔහු නෝර්වේ රජ පෙළපතෙන් පිටත සිටින අයෙක් ලෙසද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...