හදිසියේම රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙනස් කරමින් අති විශේෂ ගැසට්ටුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

හෙට සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ වනවිට වර්ජනයක් ද ආරම්භ කර තිබේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...