ඇප මත නිදහස් කෙරුණු සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් කෙරේ

Date:

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) පෙරවරුවේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණු ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ පස්වරුවේ ම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය අරගල සමයේ සිදුවීම්වලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන තිබුණු එහිමියන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පෙරවරුවේ නියෝග කළේය.

ඉන් අනතුරුව පොලිසිය එහිමියන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පසුගිය ජුනි 10 වනදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවකදී පොදු දේපළවලට හානි කළ බවට චෝදනා කරමිනි.

එහිදී එහිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...