*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මෙතෙක් දුටු හැඩම ගෝලය රිචර්ලිසන්ගෙන් – රොනල්ඩෝලා තුනක් ගහද්දි කැමරුන්ලාගෙන් දෙකක්

ලෝකයේ වැඩිම දෙනෙක් මෙවර ලෝක කුසලානය දිනනු ඇති බවට විශ්වාසය තබන බ්‍රසීල කණ්ඩායම ඊයේ සිය ජයග්‍රාහී ගමන ඇරඹුවේ 2- 0 ක් ලෙස සර්බියාව පරාජය කරමින්.බ්‍රසීලය රැස් කළ ගෝල දෙකම රිචරිලිසන්ගේ පාදයෙන් වාර්තා විය.ඒවා තරගයේ 62 විනාඩියේදී සහ 73 වන විනාඩියේදී වාර්තා විණි. ඒ අතරින් ඔහු ලබා ගත් දෙවන ගෝලය මෙවර තරගාවලියේ වාර්තා වූ හැඩම ගෝලයයි.මනාව පන්දුව පාලනය කර ගනිමින් නර්ථන ශිල්පියෙකු මෙන් රිද්මයානුකූල චලනයකින් යුත් ඔහු එල්ල කළ “බයිසිකල් කික්” නම් වූ පාපන්දු ව්‍යවහාරයේ එන පහර, නිසි එල්ලයට සර්බියා දැල සොයා ගියේය.ඒ බ්‍රසීලයේ නොව,ලොව පුරා සිටින පාපන්දුවට ආදරේ කරන සියල්ලගේම ආදරය ආකර්ශණය සොරා ගනිමින්ය.
සර්බියාව පළමු අර්ධය ගෝල නොමැති අඩවියක් බවට පත කර ගත්තේය.නමුත් දෝෂ හමාර කරමින් රිචර්ලිසන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පසුව තරගයම තනිකරම පැවතියේ බ්‍රසීල ගහණයේය.සර්බියා දැල් රකින වැනිජා මිලින්කොවික්ගේ අති විශිෂ්ඨ හැකියාව නොවන්නට අඩුම තරමේ බ්‍රසීලයේ ගෝල සංඛ්‍යාව පහ ඉක්මවා යන්නටනම් බොහෝ ඉඩ තිබිණ.තරගයේ දත්ත සසැදිමේදී ගෝල ලබාගත් බ්‍රසීල ක්‍රීඩකයන්ගේ තරගයේ ගමන් දුර කී.මී.11 ක් වෙද්දි සර්බියාවට ඊට වඩා වෙහෙසක් දරන්නට වී ඇති බව පැහැදිළිවන්නේ ඔවුන් කිලෝමීටර් 15 ක දුරක් තරගය පුරා තරණය කර තිබෙන බැවින්ය.ඒ ගෝල ලබා ගැනීමට උත්සාහ කිරීමට වඩා බ්‍රසීලය ගෝල ලබා ගැනීම වැළක්වීමටය.වැඩි වේලාවක් සර්බියා දැල ආක්‍රමණය කරන සීමාවේම මෙන් පන්දුව රැඳි තිබුණ නිසා බ්‍රසීලයට ගමන් කරන්නට වූ දුර නිතැතින්ම අඩු විය.
බ්‍රසීලය මේ තරගය පුරා ක්‍රීඩා කළ ආකාරය මනරම්ය.අංක එකට ශ්‍රේණිගතව සිටීමේ හේතු පාඨය ලෝකයම ඔවුන් දැක ගන්නට ඉඩ හැරියේය.ප්‍රතාවාදියාට ඉඩක් නොලැබෙන පරිදි ක්‍රියා කළ ද,ඒ උනන්දුවේ සහ වෙහෙසේ තිබූ ප්‍රවේගයට ඔවුන් ආවේගය එක් කර ගෙන නොතිබිණ.පාපන්දු ක්‍රීඩාවේ ආවේගයද අනන්‍යතා පත්‍රයේ කොටසක් සේ දැකිය හැක්කක් වුව ද,උනන්දුව තබා ගත්තාට ඒ තරමටම වෙහෙස නොවී ඉන්නට ද බ්‍රසීලය උථ්සාහ කරන බව දකින්නට තිබිණ.තැන්නේ කන්දේ යොඳන ගියරයට මාරු නොවී යමින් බ්‍රසීලය පෙන්නුවේ ඔවුන්ගේ හැකියාවේ සැකිල්ලක් පමණක් බව පැහැදිළිය.පස් රහිතව පිරුණු දේහය ඉදිරිය සඳහා යොදා ගන්නට පරිස්සම්වීම ද බ්‍රසිල සටනේ ලියැවී තිබිණි.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු පාපන්දු ලෝලීන්ගෙ උමතුවක්ය.ඒ නිසාම පෘතුගාල පාපන්දුවට රොනාල්ඩෝ හරහා ආදරය කරන්නෝ බොහෝය.ඒ නිසා පෘතුගාලය සහ ඝානාව අතර තරගයට ලොව පුරා විශාල අවධානයක් එක් වූ අතර පෘතුගාල ආදරය වෙනුවෙන්, රොනාල්ඩෝ හරහා පිරුණු කෝටි සංඛ්‍යාත පිරිසක් තරගය ඉතා ඉහළින් පෘතුගාලය ජය ගනු ඇතැයි අපේක්ෂා කර සිටියේය.නමුත් ඝානා ක්‍රීඩකයින්,ඉරානයෙන් ආර්ජන්ටිනාවට අත් වූ ඉරණම ගැන පාපන්දු සිත් තුළ ස්මරණ ගොඩ නංවමින් පළමු අර්ධය නිලකුණු අර්ධයක් බවට පෙරළීය.
නමුත් දෙවන අර්ධයේදී පෘතුගාලය වෙනුවෙන් පිටියෙ ලකුණු ලැබීම අරඹන්නට රොනාල්ඩෝ සමත් විය.ඒ 65 වන විනාඩියේදී ය.එය රොනාල්ඩෝගේ පා ස්පර්ශිත ගෝලයක් නිසා තරගයේ ඉදිරි කාලය විශාල පෘතුගාල ආක්‍රමණයකට මුහුණ දෙන්නට ඝානාව වෙත සිඳු විය හැකි බව සිතුණත් ඝානා කණ්ඩායම තරගයේ 73 වන විනාඩියේදී සහ 89 වන විනාඩියේදී ගෝල දෙකකින් තමන් ගැන පොඩියට හිතන පාපන්දු ලෝකයට අවවාද කළේය.නමුත් ජයග්‍රහණය පෘතුගාලයට හිමි විය.ඒ 65 වන විනාඩියේදී රොනාල්ඩෝ අත් කර ගත් ගෝල දෙකට අමතරව ජොඑඕ ෆෙලික්ස් 73 වන විනාඩියේදී ත්,රැෆෙල්ලියෝ 80 වන විනාඩියේදීත් පෘතුගාලයට ගෝල එකතු කළ නිසාය.ඝානා කණ්ඩායමේ ගෝල්ලාභීන් වූයේ අන්ඩ්‍රේ අයෙව් සහ ඔස්මන් බුකාරි ය.
ඊට අමතරව පැවති තරගවලදී ස්විට්සර්ලන්තය කැමරුන් කණ්ඩායම ඉදිරියේ ගෝල 1 – 0 ක් සේ ජය ගන්නට සමත් විය.මීට අමතරන උරුගුවේ කණ්ඩායම සහ කොරියාව අතර පැවති තරගය තියුණු සහ දියුණු තරග රටාවන්වලින් එළිය ගැල් වුණ ද,කිසිම කණ්ඩායමකට ගෝල හිමි නොවී ජය පරාජයක් නොමැතිව විසදිණ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan