*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ජනාධිපතිකමට වඩා ජනතාව බලවත් බව රනිල් ගෝඨාභයට වූ දෙයින් ඉගෙන ගත යුතුව තිබෙනවා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශ බොහෝ දෙනෙකු ලොකුකරගෙන සිටින මුත් එය ජනතා විමුක්ති පෙරමුණ කිසිඳු තැකීමකට ගන්නේ නැති බවත්, ඔහුට ලැබී තියන නොගැළපෙන බලයෙන් මත්ව දොරටු පාලකයා රජ වූ අන්දමින් සිදුකරන ප්‍රකාශ හරහා ඉකුත් කාලවල ඇතිවූ ජනතා නැඟිටීම් පිළිබඳව ඔහු තුළ ඇති වෛරය පෙන්නුම් කරමින් තිබෙන බවත්, ඒ එම ජනතා නැඟිටීම ඔහුගේ පන්තියට අභියෝගයක් වී තිබෙන නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ, ඉකුත් නොවැම්බර් 23 වන දින ජනාධිපතිවරයා විසින් ජනතා අරගල පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කරමිනි.

ඊයේ (24) දින ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේ, ඉකුත් ජන අරගල හමුවේ පලාගිය හිටපු ජනපති ගෝඨාභය රජපක්ෂගේ පුරප්පාඩුව පිරවීමට රාජපක්ෂලාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉකුත් මැතිවරණයේ දී පවා කිසිඳු ජනවරමක් හිමි නොවූ රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු පැමිණි බවත්, එම මන්ත්‍රී ධුරය මඟින් පිනට ලැබුණු ජනාධිපතිධුරයේ තරම ඔහු තේරුම්ගත යුතුව ඇති බවත් ය.

මේ වන විටත් රටේ ජනතාව ආදායම් මාර්ග බිඳවැටී, දැවැන්ත බදු බරක් දරා ගනිමින්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ හිඟයකට මුහුණ දෙමින් සිටින අතර, මේ මොහොතේ කතා කළ යුතුව තිබෙන ප්‍රධාන මාතෘකාව වූ විනාශ වූ ආර්ථිකය ගොඩගැනීම වන පසුබිමක, ඉදිරිපත් කර තිබෙන අයවැය ණයට කන, බදු ගහණ පැරණි ක්‍රමයම ඉදිරියට ගෙන යාමක් මිස අලුත් මුහුණුවරක් නොගන්නා බවත්, මේ මූලික ගැටළු පිළිබඳව අවධානය යොමුකළ යුතුව තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී වීරයකු වීමට උත්සාහ දරමින් කතාවක් සිදුකළ බවත් හෙතෙම චෝදනා කළේය.

අපි අවධාරණය කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිකමට වඩා මහජනතාවගේ බලය විශාල බවයි. ජනතාවගේ බලය විශාල බව රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගෙන්වත් ඉගෙන ගන්න කියලා අපි අවධාරණය කරනවා. ලබන වසරේ අයවැයෙන් වැඩිම මුදල වෙන්කර තිබෙන්නේ ආරක්ෂක අංශ සහ පොලීසියට. රටේ ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීමට සොච්චම් මුදලක් ඒ ඒ අංශවලට වෙන්කර තිබෙනවා. නමුත් කඳුළු ගෑස්, බැටන් පොලු, සහ වෝටර් කැනන් වැඩිපුර ගෙනැවිත් ජනතා අරගල මර්දනය කර, ජනාධිපතිකම තාවකාලිකව හෝ රැකගන්න උත්සාහයක් රනිල්ට තිබෙනවා. ජනතාව තමන්ට දරා ගන්න බැරි පීඩනයෙන් මරණය සමග සටනක යෙදී සිටින අවස්ථාවක අරගල කරන්න පාරට බහිනවා මිස රුදාවට පාරට බහින්නේ නැහැ. රනිල් වික්‍රමසිංහලාගේ රාජපක්ෂලාගේ කොල්ලකාරී පාලනයට විරුද්ධව පාරට බහින ජනතාව කානිවල් යනවා වගේ ටිකට් අරගෙන උද්ඝෝෂණ කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කළ යුත්තේ ජනතාව පීඩාවට පත්කර තිබෙන කොන්දේසි ඉවත්කිරීම මිස මර්දනය ගැන වහසි බස් දෙඩීම නොවෙයි. රනිල් වික්‍රමසිංහ දැන් ඩිංඩියම් ගැනත් දොඩවන්න පටන්ගෙන තිබෙනවා. ඩිංඩියම් කියන්නේ දකුණු වියට්නාමයේ ඇමෙරිකානු ගැතිව එක්දහස් නවසිය හැටගණන්වල බලයේ සිටි පාලකයා. 1963දී කුමන්ත්‍රණයකින් පැහැරගෙන ගොස් ඔහුව ඝාතනය කළා. ඔහුගේ පාලන කාලය තුළ විශාල මර්දනයක් දියත් කර, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කර හොර කල්ලියක් හදාගෙන එක්සත් ජනපදයේ සහයෝගය ලබාගනිමින් පාලනය ගෙන ගියා. ඊට විරුද්ධව මර්දනය හමුවේත් භික්ෂූන් වහන්සේලා සහ ජනතාව දැවැන්ත අරගලයක් ගෙනයාමේ ප්‍රබලකම නිසා ඩින්ඩියම්ගේ හමුදාවේ අයම කුමන්ත්‍රණයක් කර, ඔහුව ඝාතනය කළා. රනිල් වික්‍රමසිංහ ඩින්ඩියම්ට අඳින්න හදන්න ඉස්සර ඉතිහාසයෙන් ඉගෙන ගෙන එන්න කියලා අපි කියනවා,” ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, ජනාධිපතිකමට වඩා ජනතාව බලවත් බව රනිල් ගෝඨාභයට වූ දෙයින් ඉගෙන ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan