කලාපයේ සහ ලෝකයේ සාමය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට බීජිං සූදානම් බව ෂී කිම්ට දැනුම් දේ

Date:

කලාපයේ සහ ලෝකයේ සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය වෙනුවෙන් එකට වැඩ කිරීමට බීජිං සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් විසින් උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන්ට පවසා ඇති බව නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) පවසයි.

උතුරු කොරියාව මෑත සතිවල වාර්තාගත මිසයිල දියත් කිරීම් සිදු කළ අතර න්‍යෂ්ටික මිලයිල අත්හදා බැලීමකට ඔවුන් යනු ඇතැයි බොහෝ දෙනා සැක මතුකර තිබේ.

මේ වන විට උතුරු කොරියාවේ ක්‍රියා කලාපය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විවෘත රැස්වීමක් කැඳවා ඇති අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉන්දියාව රටවල් 14ක් අතර ප්‍යොංයැන්ග්ගේ ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දැක ඇත.

පසුලියදා බාලි හි G20 සමුලුවක් අතරතුරදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අතර, ඔහු ෂි ජින්පින් වෙත ප්‍රකාශ කර තිබුණේ උතුරු කොරියා මිසයිල අත්හහදා බැලීම් කලාපීය ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන හෙයින් උතුරු කොරියාවේ වැදගත්ම මිත්‍රයා සහ ආර්ථික ප්‍රතිලාභියා වන චීනය උතුරු කොරියාව පාලනය කිරීමට තම බලපෑම භාවිතා කිරීමට අවශ්‍ය බවයි.

ප්‍යොංයැන්ග් දැනටමත් එහි න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බාධක කිහිපයක් යටතේ පවතින අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන රටේ ද්විපාර්ශ්වික වෙළඳාමෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් චීනය සතුය. එබැවින් උතුරු කොරියාව චීනයට අවනත වීමට ඇති ඉඩ වැඩිය.

සශිකලා මධුෂාණී_ OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...