සෞදි අරාබියේ නගරයක් ගංවතුරින් යටවේ. නිල මරණ සංඛ්‍යාව දෙකක් (VIDEO)

Date:

වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් සෞදි අරාබියේ වෙරළබඩ නගරයක් වන ජිද්දා හරහා ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව මක්කම පළාතේ රජය විසින් නිවේදනය කර තිබේ.

සෞදි අරාබියේ කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ මිලිමීටර් 179ක වර්ෂාපතනයක් නගරයට ලැබීමත් සමඟ ගංවතුර තත්වයක් ඇති වූ බවත්, අත්‍යාවශ්‍ය හදිසි අවශ්‍යතා සඳහා හැර ගෘහස්ථව සිටින ලෙසත්ය.

ගංවතුර හේතුවෙන් නගරයේ වීදි විනාශ වී ඇති අතර රියදුරන් බේරා ගැනීමට සහ අතරමං වූ වාහන ඉවත් කිරීමට පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක අංශ කැඳවා ඇත. කිං අබ්දුල්අසීස් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාද වී ඇති අතර, නිවාස කිහිපයකට විදුලිය විසන්ධි වී ඇත. බලධාරීන් විසින් මේ වන විට පළාතේ විපතට පත් ප්‍රදේශවල පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා ඇත.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අසල්වැසි මදීනා පළාතේ ප්‍රදේශවලට හානි සිදු වී ඇති අතර සෞදි සිවිල් ආරක්‍ෂක අංශය පැවසුවේ, මදීනා හි ග්‍රාමීය ප්‍රදේශයක වාහනයක් ගංවතුරට ගසාගෙන යෑමෙන් පසු හදිසි කණ්ඩායම් 5 දෙනෙකු බේරා ගත් බවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) සංඛ්‍යාලේඛනවලට අනුව නොවැම්බර් මාසය සඳහා ජිද්දා නගරයේ සාමාන්‍ය මුළු වර්ෂාපතනය මිලිමීටර් 23 කි. වාර්ෂික මධ්‍යන්‍ය මුළු වර්ෂාපතනය මිලිමීටර් 55.6 කි.

සශිකලා මධුෂාණී_ OBT

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...