ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව, ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ. කොටුව මහේස්ත්‍රාත්  අධිකරණය විසින්, මෙම නියෝගය නිකුත්ටු කර ඇත.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අතර, එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටි ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැත. ඔවුන් විදේශ ගතව සිටින බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම්දී තිබුණි.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළ ඇති අතර, අදාළ නඩු විභාගය ලබන මාර්තු 26 වැනිදා දක්වා කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...