දඬුවමට ලකුණු!

0
465

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW :

ඔන්ලයින් දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මස 17වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධාන කර තිබූ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඬුයම් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ඉදිරි මාස 09 තුළ හඳුන්වාගෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළ බව පැවසේ.