ක්‍රීඩා ඇමතිගේ බලතල බාල්දු කරන්න ඉඩ දෙන්න බැහැ – කැබිනට් තීරණය ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි (VIDEO)

Date:

කොළඹ LNW: රට පාලනය කරන්නේ ආඥාදායකයකු හෝ ඒකාධිපතියකු හෝ රජ කෙනෙකු නොවන අතර ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුණු 3 මත පදනම්ව සංවරණ සහ තුලන හරහා රට ක්‍රියාත්මක වුවත් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කප්පාදු කරන කැබිනට් තීන්දුව හරහා ක්‍රීඩා ඇමතිවරයා සතු නීත්‍යානුකූල බලතල පළුදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කප්පාදුව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ අද (27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

එසේම ක්‍රීඩා ඇමතිවරයා හෘද සාක්ෂියට එකඟව ක්‍රිකට් සම්බන්ධයෙන් යම් තීන්දු තීරණ ගත් බවත් එවැනි පසුබිමක් තුළ ඔහුට දැන් ව්‍යාජ චෝදනා එල්ල කරමින් ආණ්ඩුවෙන්ම ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව මඩ ගැසිමේ කටයුත්තක් සිදු වන බවයි විපක්ෂ නායකයා පවසන්නේ.

මෙවැනි මඩ ව්‍යාපාර සිදු නොකර සැබවින්ම ක්‍රිකට්වලට ආදරේ නම් වෝහාරික විගණනයක් ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු කරන ලෙස හෙතෙම කියාසිටියි.

1973 අංක 25 දරණ ක්‍රිඩා පනතේ 32 සහ 33 වගන්ති දෙක හරහා ක්‍රීඩා ඇමතිවරයාට අන්තර්වාර කමිටු සහ නිසි බලධාරීන් පත් කිරීමට බලය ලැබුණත් 2023 නොවැම්බර් 22 කැබිනට් තීරණ තුළින් එම බලතල කප්පාදු කර ඇති බවත් එතැන් සිට එවැනි අන්තර්වාර කමිටු පත් කරනවා නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට තීරණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

ක්‍රීඩා පනතෙන් ලැබුණු බලය අනුව ක්‍රීඩා ඇමතිවරයාට තීන්දු තීරණ ගැනීමේ හැකියාව සහ ඇමතිවරයාගේ බල සීමාව තුළ කටයුතු කළ හැකි වුවත් මෙවැනි කැබිනට් තීන්දු හරහා එයට බලපෑම් එල්ල වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම කැබිනට් තීන්දුව දෙස බලන විට සත්භාවයෙන් එය ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක් නොව නරක අදහසකින් ක්‍රියාත්මක වූ දෙයක් බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

අන පණත්වලින් රටේ නීතියෙන් ක්‍රීඩා ඇමතිවරයාට ඇති බලය පළුදු කිරීමට කැබිනට් මණ්ඩලයට හැකිද යන්න ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියි.

කැබිනට් මණ්ඩලයට හැකියාව ඇත්තේ පනත සංශෝධනය කිරීමට මිස අයුතු බලපෑම් කිරීමට නොවන බව පවසන විපක්ෂ නායකයා තවදුරටත් පවසන්නේ නීතිය වෙනස් කර නිත්‍යානුකූලව පවා ක්‍රීඩා ඇමතිවරයාගේ අයිතිය කප්පාදු කරනවාට තමා විරුද්ධ බවයි.

මේ ආකාරයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල බාල්දු කිරීමට ඉඩ දිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...