පොහොර සහනාධාරය ගැන චෝදනාව පිළිගන්නවා. සමහර දේවල් දවසෙන් දෙකෙන් කරන්න බෑ – ඇමති නාමල්

0
1530

සටහන – රුවන් නෙළුගොල්ල

පොහොර සහනාධාර මුදල් ලබාදීමේ ප්‍රමාදයක් ඇතැයි පිළිගන්නා බවත් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“පොහොර සහනාධාරයේ මුදල් ප්‍රමාදයක් තියෙනවායි කියන කාරණය චෝදනාවක් විදියට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒක අපි අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා. ඇත්තටම මේ සමහර දේවල් දවසෙන් දෙකෙන් බේරන්න බැහැ”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 27) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.