*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

ගැඹුරු පීඩන අවපාතයෙන් පැවති බලපෑම අඩු වෙමින් පවතී …

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයට කි.මී. 100ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය ඉතා සෙමින් උතුරු දෙසට ගමන් කරමින් පවතින අතර මේ දක්වා(2024-11-28 උදේ 05.30) සුළි කුණාටුවක් බවට වර්ධනය වී නොමැත. කෙසේ වෙතත් මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ පහල මට්ටමේ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවත් පසුව නොවැම්බර් 30 දින උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළින් ගොඩබිමට ඇතුළු වනු ඇති බවත් සුළිකුණාටු පිලිබඳ කලාපීය කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානය (RSMC – India) පවසයි.

මෙම පද්ධතියේ බලපෑම මගින් අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පැවතිය හැකි අතර වැසිබර ස්වභාවයක් පවතිනු ඇත. කෙසේ වෙතත් උතුරු පළාතත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් හැරුනවිට සෙසු ප්‍රදේශවල ධාරානිපාත වැසි අවම ස්වභාවයක් ගනී.

[උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තදවැසි පැවතිය හැකි අතර උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තද සුළං පැවතිය හැක. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ ධීවර සහ නාවුක කටයුතු සඳහා තවදුරටත් අවදානම් වේ! – කා.වි.දෙ.]

මෙම පද්ධතිය සුළි සුළඟක් එනම් සුළිකුණාටුවක්(Cyclone) වීම නිසා සුළඟින් හා වැස්සෙන් දිවයිනට අතිශය අධික විනාශකාරී තත්ත්වයක් ඇති නොවන අතර ඒ පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවේ. මෙය සෙමින් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් හෙට(29) පමණ වනවිට උතුරු පළාත සඳහා එහි බලපෑම සිමා වීමේ ඉඩක් ඇත. එබැවින් හැකි සෑම විටම නිල හෝ වගකීම් සහගත තොරතුරු පරිශීලනය කරන්න. සොයා බලන්න.

පින්තූර
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පද්ධතියේ ගමන් මාර්ගය දක්වන සිතියම.

Source: RSMC update on 00.00UTC on 28-11-2024
We acknowledge the Regional Specialized Meteorological Centre (RSMC) New Delhi and the Department of Meteorology-SriLanka for their data and for providing these forecasts.

~ කාලගුණය සහ දේශගුණය ෆේස්බුක් පිටුවෙනි

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan