ඇමති හඳුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගොස් ඩේසි ආච්චිගේ මැණික් මල්ල හොයයි

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (නොවැම්බර් 28) පස්වරුවේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ඒ මහතා පසුගිය සමයේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ විශාල මැණික් පොකුර පිළිබඳ විමසා සිටියේය.

ඇමති – පහුගිය කාලෙ වාර්තා වුණානෙ රත්නපුරේ පැත්තෙන් මේ අගය වටිනාකම කියන්න බැරි තරම් වටිනා මැණික් ගලක් හම්බෙලා තියෙනවා, රටේම ණය ගෙවන්න පුළුවන් වෙයි කියලා. ඒවා මෙහෙට ගෙනාවද ?

නිලධාරිනිය – ඔව් සර්, ඒවා මෙහෙට ගෙනාවා. හැබැයි ඇත්තටම මැණික් ගුණාංග නැහැ ඒකෙ. තියෙන්නෙ ක්ලස්ට් එකක් කිලෝ 510 ක. දැන් ඒක බර්ජ් කලීෆාවල තියෙනවා කියලා තමයි කියන්නෙ ඩිස්ප්ලේ දාලා, ඔක්ෂන්වලට.

මේ අතර අමාත්‍යවරයා රාජපක්ෂ පවුලට සම්බන්ධ ප්‍රකට “ඩේසි ආච්චිගේ මැණික් මල්ල” සම්බන්ධයෙන් ද නිලධාරීන්ගෙන් විමසීමක් කළේය.

ඇමති – මෙහෙ මැණික් මළු කොහෙ හරි තියෙනවාද ?

නිලධාරීන් – (සිනාසෙයි)

ඇමති – මැණික් මළු වගයක් තියෙනවා කිව්වා නේද කොහෙහරි ?

නිලධාරීන් – සර් අපේ ජුවෙලරි තියෙන්නෙ මෙතන සර් … ජෙම් අයිටම් පැත්තෙන් අහන්න ….

ඇමති – ඔව් අපි දන්න විදියටනෙ අපි අහන්නෙ, තාම දන්නෙ නෑනෙ … දන්න භාෂාවෙන් ඇහුවෙ. මැණික් මළු තියෙනවා කියලා … යමු බලන්න. ඩේසි ආච්චිගෙ මැණික් මල්ලත් තියෙනවාද මෙහෙ ?

නිලධාරීන් – සර් ඒක තියෙන්නෙ තනිකර උසාවියෙ. සම්පූර්ණ …

අමාත්‍යවරයා නිලධාරීන් අමතා කථාවක් ද පැවැත්වූ අතර ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩිකරගෙන, රජයට ඉහළ ආදායමක් උපයා දෙන්නේ නම් එහි සේවකයින්ට වැටුප් වැඩිකර ගැනීමට ද හැකි බව එහිදී සඳහන් කළේය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...