අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට තවත් තනතුරක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

2024.11.28 දින සිට බල පැවැත්වෙන පරිදි , බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ වගකීම් ලෙස සැලකෙන්නේ, ජාතික සංවර්ධන සැලසුම්වලට අනුකුලව ප්‍රාදේශීය මට්ටමේදි රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන විසින් ක්‍රීයාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය කිරීම, ක්‍රීයාත්මක කිරීම හා මෙහෙයවීම හා පසු විපරම් කිරීම වේ.

දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට හැකිවන පරිදි නිලධාරින්ගේ සහභාගිත්වය ලබා ගැනීමට ද දිස්ත්‍රික් සම්බන්ධිකරණ සභාපතිවරයා හට බලය පැවරෙන බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම් එච් අබයරත්න මහතා විසින් අදාළ පත් කිරිම සිදුකරමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වෙත ලිපියක් යොමු කර පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...