පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ වන්දි නඩු විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන්නැයි මෛත්‍රී ඉල්ලයි

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වන්දි අයකර දෙන මෙන් ඉල්ලා එම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්, සදාකාලික ආබාධිත වූවන් සහ තුවාල ලැබූවන් විසින් ගොනුකර ඇති නඩු 128ක් විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ගොනුකර ඇති ඉල්ලීම පිළිබඳ තීන්දුව 2022 ජනවාරි 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඊයේ (30) නියම කළාය. 

ඒ, මෝසමක් මාර්ගයෙන් ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය. 

මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මීට පෙර ද ත්‍රස්ත ප්‍රහාර රටතුළ සිදුව ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් මෙරට එල්ලවී ඇති සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර බලයේ සිටි ජනපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බවය. එසේම සිරිසේන මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියේය යන උපකල්පනය මත මෙම නඩු පැවරීම සිදුකර ඇති බවත් නීතීඥවරයා සඳහන් කළ අතර මෙම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවත් ප්‍රකාශ කළේය. 

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂමිල් පෙරේරා මහතා කරුණු දක්වමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුට කලින්ම තොරතුරු ලැබී තිබුණු බවට සාධාරණ හෙළිදරවුවීමක් ඇති බැවින් මෙම නඩු පැවරීම සිදුකර ඇති නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය. 

දෙපාර්ශ්වයේම කරුණු සැලකා බැලූ අධිකරණය අදාළ නඩු නිශ්ප්‍රභ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ජනවාරි 07 වනදා ප්‍රකාශයට පත්කරන බවටයි නියම කළේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...