එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවයි !

Date:

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුව ඊයේ (30) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින්, මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සාක්ෂි සඳහා නොකැඳවීම බරපතළ පාඩුවක් බව ප්‍රකාශ කර තිබේ.

එම විමර්ශන සම්බන්ධයෙන් සියලුම කරුණු හොඳින්ම දන්නා පුද්ගලයා වන ශානි අබේසේකර මහතා මීට නොකැඳවීම තම පාර්ශ්වයට දැඩි ලෙස අගතිදායක වී ඇති බවයි නීතීඥවරයා පෙන්වා දී තිබුණේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පිළිගෙන තිබුණේ එය තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවුණු බරපතළ අඩුපාඩුවක් බවයි.

ඒ අනුව ශානි අබේසේකර මහතාව මෙම නඩුවෙහි සාක්ෂි සඳහා කැඳවීමට නීතිපතිවරයා වෙනුවෙන් දිලීප පීරිස් මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පොරොන්දු වී ඇති බවත් වාර්තා විය.

මෙය මෙම නඩුවට අදාළව ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...