විපක්ෂ නායක ස්ථාවර නියෝග අවභාවිතා කරනවා -අගමැති දිනේෂ්ගෙන් චෝදනා

Date:

කොළඹ LNW:විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (01) දින අවධාරණය කළේය.

කතානායකවරයා ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

උක්ත කාරණය මතු වුණේ විපක්ෂ නායකවරයා 27-2 යටතේ නියමිත ප්‍රශ්නය ඇසීමේදී ඒ සමගම වෙනත් ප්‍රශ්නයක් ඇසූ බවත් එම නිසා කුමන ප්‍රශ්නයකට පිළිතුරු දිය යුතු දැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කතානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදීය.

ඒ අනුව ලබාදී ඇති 27-2 ප්‍රශ්නයට අමතරව තවත් 27-2 ප්‍රශ්නයක් ඇද්දැයි ඇසූ අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා මේ ගැන එක් නියෝගයක් ලබාදිය යුතු බවත් එය හෙට සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අවධාරණය කරන ලදී.

කතානායකවරයාට හෝ විපක්ෂ නායකවරයාට අවශ්‍ය නම් ස්ථාවර නියෝග අවභාවිත කළ හැකි වුවත් ආණ්ඩු පක්ෂයට එසේ කළ නොහැකි බවයි අගමැතිවරයා පැවසුවේ.

තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන දිනක අදාළ ස්ථාවර නියෝග අනාගතයට ආරක්ෂා කර දී යා යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත් පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත්, නාඩගමක් නොකරන ලෙසත්, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනක ම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන බවත්, දේවාලයේ නැටුමක් මෙන් මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවත් ගුණවර්ධන මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...