ඊශ්‍රායලය ප්‍රහාර දැඩි කරයි.සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලස ඇමරිකාවෙන් ඉල්ලිමක්!

Date:

කොළඹ LNW:උතුරු ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබේ.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වූ සටන් විරාමය පෙරේදා දිනයෙන් අවසන්වීමත් සමඟ ගැටුම් නැවත උත්සන්න වී තිබෙන අතර හමාස් සංවිධානය මෙහෙයුම් මධ්‍යස්ථාන සහ අවි ගබඩා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි ඊශ්‍රායලය පවසා ඇත්තේ.

හමාස් සංවිධානය එකඟතා කඩ කළ බව පවසමින් ඊශ්‍රායලය සටන් විරාමය අවසන් කිරීමට තීරණයකර තිබුණි.

සටන් විරාමය ක්‍රියාත්මක වූ දින 07ක කාලය තුළ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 110 ක් සහ ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 240 ක් නිදහස් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී තිබුණි.

මේ අතර ඇමරිකාව පාර්ශවයන් ඉල්ලීමක් කර ඇත්තේ නිරායුධ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.

ගැටුම් හේතුවන් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පලස්තීන වැසියන් සංඛ්‍යාව පහළොස් දහසකට අධික වන අතර ඒ අතරින් හයදහසකට වැඩි පිරිසක් දරුවන් බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...