*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හිටපු ඇමති රොෂාන්ට එරෙහිව හිටපු රගර් සභාපතිගෙන් දරුණු විවේචනයක්!

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් නික්ම ගිය අමාතඨ රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත් වීමට ප්‍රථිම පාර්ලිමේන්තුවේදී කරන ලද අවසාන ප්‍රකාශයෙන් ද රටට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ රගර් ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට තමා ගේ තීරණයක් නොව බලපෑවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගත් තීරණයක් බවයි.එහිදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට එම තීරණය ගැනීමට හිටපු රගර් සභාපතිගේ අක්‍රමිකතා බල පෑ බවට ද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවා.මේ අකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට වහං වෙමින් අවස්ථා ගණනාවකදී ඉන් පිටත සිටින පුද්ගලයන්ට අමාත්‍යවරයා නම් සඳහන් කරමින් නිරපරාදේ චෝදනා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු නියෝජිතයෙක් ලෙස පුරවැසියන් ලබා දුන් බලය පුරවැසියන්ට එරෙහිව වැරදි ආකාරයට භාවිතා කිරීමක් ලෙස හුවා දක්වන හිටපු රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් මාධ්‍යයට කරුණු දක්වමින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.පහතින් දැක්වෙන්නේ ඔහු විසින් ඉදිරිපත් කර තිබෙන එම ලිපියයි.

රොෂාන් රණසිංහ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව තහනම් නොකළ බවට කියූ ප්‍රකාශය දැඩිව හෙළා දකිමි.ඔහු පාර්ලිමේන්තු වරප්‍රදාසවලට මුවා වී අක්‍රමිකතා නිසා තීරණ ගත් බවට කියූ ප්‍රකාශය ද,මහජන නියෝජිතයෙක් ලෙස තමන්ට ලැබුණ වරප්‍රසාදය එම වරප්‍රසාද නොමැති නිර්දෝෂි පුද්ගලයෙක් විදිහට මගේ කීර්ති නාමයට හානි කරන්නට යොදා ගැනිම පිළිකුල් අවස්ථාවකි.
රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යධූරයට පැමිණෙන විට ශ්‍රී ලංකා රගර් තහනම් කිරීමට එරෙහිව අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව උසාවි වාරණයක් ලබා ගනිමින් වැඩ කරමින් සිටි බව සිහිපත් කළ යුතුව තිබෙනවා.එම තහනමට බලපාන්නේ ක්‍රිඩා සංගම් දෙකක සාමාජිකත්වය සම්බන්ධයෙන් හට ගැණුන ප්‍රශ්නයක් බව ද සිහිපත් කරන්නට කැමතියි.ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා රගර් සංගමය තහනම් කරන විට ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් රගර් විධායක සභාව ගත් තීරණ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණා.එම ලිපි අමාත්‍යංශය විසින් ලබා ගත් බවටත් සාක්ෂි ශ්‍රී ලංකා රගර් සතුව තිබෙනවා.

නමුත් අමාත්‍යවරයාගේ උවමනාවක් ඉටු කිරීමේ අරමුණෙන්දැයි සැක හිතෙන තරමට අමාත්‍යංශ ලේකම්වරයා සහ ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දිගින් දිගටම එම කරුණුම අළලා ලිපි ලියමින් අමාත්‍යවරයාගේ තහනම් කිරිමේ අවශ්‍යයතාවය වෙනුවෙන් පෙනී සිටියා.එහෙත් නිර්දෝශිභාවය වෙනුවෙන් අප ගරු අධිකරණයේ පිහිට පතා එහි නිර්දේශ පිට වැඩ කරගෙන ගියා.
රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ සමයේදී අධිකරණය දුන් තීන්දුවකින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තහනම් කළ පරිපාලනයටම නව නිලවරණයක් පවත්වන්නට අවසර ලබා දුන්නා.එසේම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සමයේ තහනම් කළ සංගම් කැඳවා ඔවුන්ට අවශ්‍යය උපදෙස් දී තහනම් ඉවත් කිරීමේ තොරතුර අධිකරණය වෙත යොමු කරන ලෙස ද ඉල්ලීමක් කරනු ලැබුවා.

දෙවන වර පත් වූ පරිපාලනයට එරෙහිව තහනම් නියෝගයක් දෙමින්,පරිපාලන ගොඩනැඟිල්ලට ඉබි යතුරු දැමීමටද කටයුතු කළේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ කාලයේදී යි.එහිදී එම තහනම පනවන්නට පෙර මුල් අධිකරණයෙන් දැණුම් දෙන්නට කී තොරතුර ලබා දී එසැනින් තහනමද පනවා නව ස්ථාවරකරණ කමිටුවක් පත් කළා.

එම කමිටුව ඉවත් කිරීමේ කටයුත්ත සම්බන්ධයෙන් අධිකරණය ගත් ක්‍රියා මාර්ගයකදි තීන්දුව ලබා දීමේ දී සිඳු වූ තාක්ෂණ දෝෂයක් නිසා නඩු තීන්දුව පමා වීමෙන් ආසියානු ක්‍රීඩා උළෙලට සම්බන්ධ වීමට සිටි ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට පුහුණුවීම් ආරම්භ කරන්න ප්‍රමාද වුණා.එහිදී අමාත්‍යවරයා වෙනුවෙන් තරගාවලිය වෙනුවෙන් එවැනි ඉල්ලීමක් අධිකරණයට වාර්තා නොවුණ අතර අමාත්‍යවරයා පත් කළ ස්ථාවරකරණ කමිටුවද නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් තීන්දුව පමා කරන්නට බලපෑම් කළා.එසේම තාක්ෂණ ගැටළුව හඳුනාගෙන ඊට අවශ්‍යය විසඳුම ලබා දීම ප්‍රමාද කළ විනිසුරුවරයාටම ක්‍රිකට් ප්‍රශ්නයේදී රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද නඟා දොස් කීවත්,ඔහුගේ අභිලාෂයන්ට අනුව තීරණය ක්‍රියාත්මක වෙද්දී නිහඬව සිටියා.

එසේම අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ අධිකරණ නියෝගයක් මත නිලවරණය පවත්වා බලයට පැමිණි නිල රගර් පරිපාලනය පත් වූ ආකාරයට එරෙහිව අමාත්‍යවරයා පත් කළ ස්ථාවරකරණ කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක් ද සහිතව පෙත්සමක් ඉදිරිපත් වීමයි.එහිදී අමාත්‍යංශයට සම්බන්ධ විමර්ශනයකින්ම එම චෝදනා පිළිගත්තේ නැහැ.එම පිරිසෙන් කොටසක් අමාත්‍යවරයාගේ ස්තාවරකරණ කමිටුවේ සිටිමෙන් පැහැදිළිවන්නේ රගර් දේශිය වශයෙන් පරිපාලනය කිරීමට රගර් ක්‍රිඩා සමාජවල ඇති බලය දේශපාලන බලය භාවිතා කර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට ලබා ගැනීමට අවශ්‍යය බවයි.
මෙහිදි වැදගත්ම කරුණු කිහිපයක් සඳහන් කළ යුතු වෙනවා.රොෂාන් රණසිංහ අමාත්‍යවරයා, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තහනම් කළ අවස්ථාවේදී ඊට අදාළ වූ ක්‍රීඩා සමාජවලට නිලවරණය තහනම් කිරීමට හේතු වූ සාධක ගැන අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් වූ ලසිත ගුණරත්නගෙන් අසා දැන ගන්නට ඉඩ තිබුණා.මන්ද එම ක්‍රිඩා සමාජ තහනම් කරන්නට බල පෑ හේතු සැකසෙන්නේ ලසිත සභාපති ධූරය දැරූ අවධියේ වන බැවින් එය ජාත්‍යන්තර රගර් නීතිය අනුව මෙන්ම ශ්‍රී ලංකා රගර් ව්‍යස්ථාව යටතේත්,ක්‍රීඩා පණත සහ රටේ පොදු නීීතිය අතර ඇති දුරස්ථ ස්වරූප සමඟත් ගැලපෙන සහ නොගැලපෙන තැන් ලසිත කිව යුතුවත් තිබුණා.

එසේම ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකාව අතර මතබේදයට තුඩු දෙන කරුණ නිර්මාණය කරන්නේ ද ලසිතයි.ඒ වත්මන් ආසියානු සභාපතිවරයා නිලවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහුට උපකාර කරන බවට පොරොන්දු වී ශ්‍රී ලංකාවෙන් නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට සහභාගිවන ලසිත ඔහුට ඡන්දය ලබා දෙන්නේ නැහැ.මේ සම්බන්ධයෙන් උරණ වන ආසියානු සභාපතිවරයා ඒ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා වූ හරීන්ද්‍ර ප්‍රනාන්දුට ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඔහුගේ විරෝධය දන්වා සිටිනවා.
එ නිසා මා සභාපති ධූරයට පත්වන්නේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආසියානු සභාපතිවරයාගේ විරෝධය ශ්‍රී ලංකා විරෝධය සහිතවයි.එසේ වුවත් අදටත් ආසියානු සභාපතිවරයා සමඟ සිටින හිටපු ශ්‍රී ලංකා සභාපතිවරයෙක් වූ අසංග සෙනවිරත්න රගර් පරිපාලනය මෙහෙයවීමට යොදා ගැනීමට ආසියානු සභාපතිවරයා උත්සාහ කරන්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ අසංගගේ මිත්‍රත්වයත් පදනම් කරගෙනයි.අසංග සභාපතිවරයාව සිටිය සමයේ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයින්ව යෙදවීම නිසා මේ වන විටත් ගෙවා ඉවර කර නොමැති පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකා රගර් යටත් කරනවා.ඔහුව ආසියානු සභාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා එක්ව උපදේශක සභාවක් නම් කර එහි ප්‍රධානියා ලෙස භාර ගන්නට ශ්‍රී ලංකා රගර් වෙත යෝජනා කරනවා.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එය ආසියානු සභාපතිගේ සහ අමාත්‍යවරයාගේ උපදෙස් මත ලෙස එම කමිටුව පත් කරන බව ද ලියා එවනවා.

ශ්‍රී ලංකා රගර් වෙත එය අවශ්‍යය නොවන්න හේතු ගණනාවක් තිබෙනවා.ඒ ශ්‍රී ලංකා රගර් දඩයකට ලක් කිරීම වගේම ඔහුත් පසුව අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක්ව සිටි ලසිත ගුණරත්නත් යන දෙදෙනාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා රගර් මිලියන 60 ආසන්න ණයකට යටත් කර තිබීමත් නිසා කළමණාකරණයේදී ඔවුන් දුර්වල බව ශ්‍රී ලංකා රගර් දැන සිටිනවා.
මා සභාපතිවරයා ලෙස භාරගන්නේ එවැනි ණය කන්දක්.එහිදී අනුග්‍රහයේදි තරග විකාශය වෙනම (ශ්‍රී ලංකා ක්‍රිකට් ආදායම් උපයාගන්නා ආකාරයට) විකිණීමට මා ඇතුළු විධායක සභාව තීරණය කරනවා.ඒ පිළිබඳව සංවාදය යද්දී ඒ වන විට සිටි අනුග්‍රාහකයන් නිවැරදි පිළිතුරුක් නොදි කල් මරද්දී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔහුගේ අනුග්‍රාහක කමිටුවේ ප්‍රධානත්වය එම සමාගමේ ප්‍රධානියෙකුට පවරමින් අසංග සෙනවිරත්නත් සමඟ එම සමාගම ආසියානු සංගමයේ අනුග්‍රහයකට යොදා ගන්නවා.මේ කිසිවක් ජාත්‍යන්තර වශයෙන් ආසියානු සභාපතිවරයා නොකළ යුතුව තිබුණ දේවල්.ආසියානු විධායක කමිටුවේද සිටින කෙනෙක් හැටියට මේ කාරණා සම්බන්ධයෙන් පෞද්ගලිකව ශ්‍රී ලංකාවේ රගර්වල පෞරුෂයට,ස්වාධීනත්වයට කරන ලද හානිය වෙනුවෙන් මා ඔහුට දොස් පවරනවා.ඇත්තටම කිව්වොත් මං බැන වදිනවා.මෙය සිඳුවන්නේ ආසියානු සම්මේලනයේ කිසිඳු නිලධාරියෙක් හමුවේ නොවේ.
පෞද්ගලිකව.එහිදී මා රගර් ක්‍රිඩා කරද්දී පවසන ඇතැම් වඳන් ඔහුට පැවසුවත්,රගර් සංස්කෘතිය නොදන්න ක්‍රීඩකයෙක් නොවන ඔහු ඒවා භාරගන්නේ නොසරුප් වදන් හැටියටයි.ඒ ඔහු රගර් ප්‍රායෝගිකව නොදන්නා නිසා වන අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් පසුව අමාත්‍ය ධූරයට පැමිණි රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද දන්නා ක්‍රිඩාවක් නොමැති නිසා මේ කාරණය මහා ඉහළින් තබා ගන්නවා.
අමාත්‍යවරයා පෞද්ගලිකව මා හමු වූ අවස්ථාවල දී කිවවෙත් ආසියානු සභාපතිවරයා අකමැති නිසා ඉවත්වෙන්න කියායි.රටේ ක්‍රීඩාවක ස්වාධීන පැවත්මට හානිවන විදිහට තීරණ ගනිමින් මාව තහනම් කිරීමට ආසියානු සභාපති ගත් තීරණය ගැන ජාත්‍යන්තර සම්මේලනයත් පරීක්ෂණ කරද්දි ආසියානු සභාපතිවරයා වෙනුවෙන් මට දේශද්‍රෝහී කියමින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා හිටගත්තෙ ආසියානු සභාපතිවරයා සමඟයි.ශ්‍රී ලංකා ඔලිම්පික් පමණක් නොව ආසියානු ඔලිම්පික් පවා ආසියානු සභාපතිවරයාට ක්‍රීඩාවේ ගුණාංග ගැන කියා දෙමින් ශ්‍රී ලංකාව ආසියානු ඔලිම්පික් සංගමයේ ධජය යටතේ ආසියානු තරගවලට ක්‍රීඩා කරවන්න බලපෑම් කරමින්,ඔලිම්පික් සම්මේලනයට බලය තිබෙන තරගාවලියේ සීමාව ඉක්මවා දඟලන්නට එන ආසියානු රගර් සංගමයට ඔවුන්ගේ සීමාව දන්වා සිටියදී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ලද ස්ථාවරකරණ කමිටුව,ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුව ලැබීමට ඇති කාලය අවම කරමින් අධිකරණයේ රස්තියාදු කරමින් සිටියා.

අවසානයේ ආසියානු සංගමයේ සභාපතිගේ රට මීට පෙර පැවති ආසියානු තරගාවලියේ සිටි 12 වන තැන මෙවර තරගාවලියේදී 5 වන තැනට උසස් කර ගත්තා.හතරවන තැන සිට පියවරක් ඉහළ නැඟ පදක්කමක සිහිනය දකිමින් සිටිය ශ්‍රී ලංකාව 10 වන තැනට වැටුණා.මේ සියල්ල වෙද්දි ආසියානු සභාපතිවරයා මා සමඟ ගැටුම හදාගන්න හේතු වූ කරුණු ගැන පරීක්ෂණයක් කරන්න කියා මා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියා.හැබැයි අමාත්‍යවරයා ඒ දේ කළේ නැහැ.ඔහු ඔහුට උපදෙස් දෙන්න තෝරාගෙන තිබුණේ ක්‍රිඩාව කරන පරිපාලනය පත් කරන පුද්ගලයො අතර ජනප්‍රියත්වය අහිමි කර ගත් පුද්ගලයින්.ඔවුන් බැලුවේ තමන්ට ක්‍රිඩා නිලවරණයකින් බලයට එන්න බැරිකම වහගෙන දේශපාලන බලය යොදාගෙන බලයට එන්නයි.තමන් අසළ ආසියානු සභාපතිවරයාගේ ශ්‍රී ලංකා විරෝධය හැදුව පුද්ගලයා ළඟ තබාගෙන උපදෙස් ගත්තු ඇමති ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව,ආසියානු ඔලිමිපික් කමිටුව පමණක් නොවේ ජාත්‍යන්තර රගර් සම්මේලනය තරමටවත් නම්‍යශීලී නොවී ආසියානු සභාපතිවරයාගේ හුරතලෙක් විදිහට හැසිරීම ගැටළුකාරීයි.ඔහු සිංහ ධජය ලෙලවන්න නෙමෙයි කටයුතු කළේ ඔහු හැසිරුණේ ඔටුවෙක්ගේ ධජයක් අරගෙන.ඉස්ලාම් දහම අදහන පුද්ගලයෙක් වුණත් මං රටේ ක්‍රීඩාව ඉහළට ගේන්න ඇමතිවරු පයින් අදිද්දි සංගමයෙ ණයත් අඩු කරගෙන අලුත් අනුග්‍රහ හොයා ගනිමින් කරපු වැඩ ටික සමඟ ආසියානු පදක්කමකට යන්න තිබුණ අවස්ථාව අහිමි කරේ ක්‍රීඩා අමාත්‍යවරයා සමීප කරගෙන හිටිය රගර් හිතවතුන්ගේ අදූරදර්ශි වැඩ පිළිවෙලයි.

ඇමතිවරයා හැම විටම වැඩ කළේ ක්‍රීඩාවේ සිටින මිනිස්සුන්ගේ ආදරයෙන් බලයක් ගන්න බැරි මිනිස්සුන්ගේ බල ව්‍යාපෘතිවලට දේශපාලනයෙන් තැනක් දෙන්නයි.ඒ නිසා ඇමතිගේ අයිසීසී යට දක්වන විරෝධයත් එවැනිම පුද්ගල ව්‍යාපෘතියක් විය යුතුයි.ආසියානු සභාපතිවරයා සමග ඊට ඉහළින් තිබෙන ජාත්‍යන්තර ඔලිමිපික් සංවිධාන සහ රගර් සම්මේලනයද එකඟ නොවන තත්ත්වයක,ආසියානු සභාපතිවරයා සමඟ එකඟ වී ගන්නා තීරණ නිසා ජාත්‍යන්තර සම්මේලනය දේශපාලන බලපෑම් කියා ශ්‍රී ලංකා රගර් තහනමකට යද්දීත් ආසියානු සභාපතිවරයා ඉදිරියේ ශ්‍රී ලංකාවේ රගර් වෙනුවෙන් හිටගන්න කොන්දක් නොතිබුණු ක්‍රිඩා ඇමතිවරයා අයිසීසී ය සමඟ අවංකව රටේ ක්‍රිකට් වෙනුවෙන් ගැටෙන බව සිතන්නට අපහසුයි.

මිනිස්සුන්ට ඉගෙනගන්න වැරදීමත් හොඳ දෙයක්.හැබැයි ඒ ඉගෙනගන්නනම් මුග්ධ සහ ඒ මුග්ධබව උද්ධච්ඡ ආකාරයට හසුරුවන අයෙක් නොවිය යුතුයි.ක්‍රීඩා අමාත්‍යවරයා අවබෝධ කර ගත යුත්තේ එයයි.තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් ඔහු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මගේ අක්‍රමිකතා නිසා රගර් තහනම් කළ බව කිව්වා.ශ්‍රී ලංකාවේ රගර්වල ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන් ආසියානු සභාපතිගේ බලපෑම් ඉදිරියේ කෙළින් සිටගැනීම හැරෙන්න මා කළ එකම එක අක්‍රමිකතාවක් පෙන්නා දෙන ලෙස රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයාට මං අභියෝග කරන්න කැමතියි.(මේ වන විටත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට වහං වී පුද්ගල චරිතවලට හේතු නැතුව අවමාන කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිදැයි මා නීති උපදෙස් පතමින් සිටිනවා.)

ආසියානු සභාපතිගේ ඔඩොක්කුවට වැටී ශ්‍රී ලංකාවේ රගර්වලට හානි කර,ඔහුගේ රට ආසියානු ක්‍රීඩා උළෙලේ ඉහළ තැනකට ගේන්න උපකාර කළ සහ ශ්‍රී ලංකාවේ රගර් පහතට දැමීමට කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔබට තිබුණ බලය නොදැන හෝ දැන භාවිතා කළ බව දැන්වත් තේරුම් ගන්නා ලෙස රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාට මතක් කර දෙන්න කැමතියි.ඔබ දිගින් දිගටම හැසිරුණේ ක්‍රීඩාවේ පරිපාලනයට මිනිස්සුන්ගේ කැමත්තෙන් පත්වෙන්න බැරි මිනිස්සු සමග එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට බලයට පැමිණ සිටින ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලට බලපෑම් කරමින් ඔවුන්ගේ ක්‍රීඩාව විනාශ කරන්නයි.ඔබ සමීප කරගෙන සිටි මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යයතාවයන් වෙනුවෙන් ඔබව ඔසවා තැබුවේ කිසිඳු ආධාරකයක් නොමැති හිස් අහසකටයි.එය එසේ වීමට බලපෑවේ ඔබේම බුද්ධියේ තරම සහ ඔබ විසින් බලය සම්බන්ධයෙන් හැසිරුණු උද්ධච්ඡ ආකාරයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan