*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉම්රාන් ඛාන් නව අපේක්ෂකයකු හරහා මැතිවරණයට

දැනට සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ලබන වසරේ මැතිවරණයට තරඟ කිරීම අනපේක්ෂිත බැවින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයෙන් ඛාන් වෙනුවට මැතිවරණයට ඉදිරිපත් වීමට ඛාන්ගේ නීතීඥයෙකු වන ගොහාර් අලි ඛාන් නව සභාපති වශයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයෙන් ගොහාර් අලි ඛාන් පෙබරවාරි 8 ට නියමිත ජාතික ඡන්දයට සහභාගී වීමට නියමිතය.

1996 දේශපාලනයට සම්බන්ධ වන සුපිරි ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන් 2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් අගමැති ධුරයෙන් ඉවත් කරන ලදී. ඉන් අනතුරුව මැතිවරණයක් ඉල්ලා ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි)පක්ෂය සමඟ රට පුරා උද්ඝෝෂණ පවත්වන ලද ඉම්රාන් ඛාන් 2018 සිට 2022 දක්වා බලයේ සිටියදී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවද ඇප ලබා ගැනීමට සමත් වූ මුත්, ඔහු තම පක්ෂයේ උප සභාපති ෂා මහමුද් කුරේෂි සමඟ නිල රහස් නඩුවක් සම්බන්ධයෙන් සිරගත කරන ලදී.

මෙලෙස ඉම්රාන් ඛාන්ට විරුද්ධව නඩු 150ක් පමණ පවතිනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර හිටපු අගමැතිවරයා සඳහ කර තිබුණේ, මේ සියල්ල දේශපාලනික පළිගැනීම් වන බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan