විදුලි බිල තවත් දරන්න බැහැ.ලක්ෂ 05කගේ විසන්ධි කරලා.තව ලක්ෂ 50කට රතු නිවේදන – විපක්ෂ නායක (VIDEO)

කොළඹ LNW:අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි කිරිම නිසා ලක්ෂ 5කගේ විදුලිය විසන්ධි කර තිබෙන අතර තවත් ලක්ෂ 50කට රතු නිවේදන නිකුත් කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අධික වර්ෂාවක් ලැබෙන මොහොතක ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් තුළ විදුලි බල මණ්ඩලය අධික ලාබයක් ලබා ගත් නිසා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වු බවත් එම විරුද්ධතාව නොතකා විදුලි බිල වැඩි කළත් මේ වන විට ලක්ෂ 5කට අධික ජනතාවගේ විදුලිය විසන්ධි කර ඇති බවත් තවත් දශලක්ෂ ගණනාවකට විදුලි කප්පාදු කරනවා කියා රතු නිවේදන යවා ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විදුලි බල මණ්ඩලයේ මෙම ක්‍රියාවලිය කිසිදු ආකාරයක සාධාරණයක් නොමැති බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

අභයාරාම විහාරස්ථානයේ පවා නිත්‍යානුකූල නොවන ආකාරයට විදුලිය විසන්ධි කිරීමට පැමිණ තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...